වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




මම බඳින වයස දන්නේ නෑ

මම බඳින වයස දන්නේ නෑ

හියුමා කුරේෂි තවමත් විසිහත් හැවිරිදි වියේ පසු වුවත් විවාහය ගැන උනන්දුවක් දක්වන්නේ බොහෝ කාලයක සිටයි. මේ උනන්දුව වැඩිකම නිසාම ඇය ෂාහිඩ් කපූර් සහ අනුරාග් කාශ්‍යප් සමඟ කලක් ආදරයෙන් බැඳී සිටියාය. එහෙත් ඒ කිසිවක් මල්පල නොදැරීම නිසා ඇය අත බලා සාස්තර කියන්නකුගේ පිහිට පතා තිබේ. ඔහු පවසා ඇත්තේ හියුමාගේ විවාහය 2018 දී සිදුවන බවයි.

සිනමාවට පා තැබූ දිනයේ පටන්ම සාර්ථකත්වය අත් විඳින යොවුන් තාරකාවක් විවාහය ගැන මෙතරම් ඉක්මනට උනන්දු වන්නේ කලාතුරකිනි. දුරකථන දැන්වීමක රංගනය දැක ඇය සිනමාවට කැන්දාගෙන ආවේ අනුරාග් කාශ්‍යප්ය.

‘ගෑන්ග් ඔෆ් වාසිපූර්’ රඟපෑමෙන් ඇය නැඟී එන හොඳම නිළිය සහ හොඳම සහාය නිළිය යන සම්මාන දෙකටම නිර්දේශ වූවාය. වේදිකාවෙන් සිනමා රංගනයට පිවිසි කුරේෂි එක්ස්, හයිවේ, බාඩ්ලාපුර් සමඟ මේ දිනවල අතිශයින් කාර්යබහුලය.