වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




උපන් ඇඳුම පෝස්ටරයේ

උපන් ඇඳුම පෝස්ටරයේ

තමන් රැඟූ සිනමාපටය වෙනුවෙන් පරිත්‍යාග කළ නොහැක්කේ කුමක් ද? බොහෝ තාරකාවන් සිය උපන් ඇඳුම පවා සිනමාපටය ජනප්‍රිය කිරීමට පෝස්ටර්වලට යොදාගෙන තිබේ.

කුර්බාන් පෝස්ටරයට කරීනා කපූර් සිය පිටුපස පෙදෙස නිරාවරණය කරගෙන සිටියේ තනියම නොවෙයි. එවකට පෙම්වතා වූ සායිෆ් අලි ඛාන් සමඟයි.

නේහා දූපියා ‘ජුලී’ පෝස්ටරයේ යාන්තමට වසාගෙන සිටියේ ඉණ පෙදෙස පමණයි.

‘හේට් ස්ටෝරි’ සිනමාපටයේ පඕලි දාම් මිනිසකුගේ උකුළ මත ඉඳගෙන සිටින ජවනිකාවක් දැක්වෙන පෝස්ටරය බොලිවුඩයේ බොහෝ කතාබහට ලක්වූවකි.

‘රගිනි එම්එම්එස් 2’ සඳහා සනී ලියෝන් සහ ‘නාෂා’ සිනමා පෝස්ටරයට පූනම් පාන්ඩේ පෙනී සිටියේ, උපන් ඇඳුමෙන් පෙනී සිටීමට ඇති සහජ හැකියාව ප්‍රදර්ශනය කරමිනි.