වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




තෙවරක්ම පැවිදිව

තෙවරක්ම පැවිදිව

රංගන ශිල්පී බුද්ධදාස විතානාරච්චි

පසුගිය කාලය චිත්‍රපට තුනක රූ ගත කිරීම් සමඟින් කාර්යබහුල වෙලා හිටියෙ. ‘ඇහැලේපොළ කුමාරිහාමි’ චිත්‍රපටයේ වාරියපොල සුමංගල හිමි ලෙසත්, ‘මහරජ ගැමුණු’ චිත්‍රපටයේ මහා සිව මහරහතන් වහන්සේ ලෙසත්, ‘ආලෝකෝ උදපාදී’ චිත්‍රපටයේ කුප්පිකල තිස්ස හිමි ලෙසත් මා ඓතිහාසික භික්‍ෂු චරිත තුනක් නිරූපණය කළා.

මේ දවස්වල නම් විවේකයෙන් ගත කළත් ලබන මාසයෙදි තව අලුත් චිත්‍රපටයක හා ටෙලි නාට්‍ය කිහිපයකම වැඩ කටයුතු යෙදිලා තියෙනවා.