වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




උරුමයට පස් වසරයි

උරුමයට පස් වසරයි

හෙරිටේජ් රූපවාහිනි නාලිකාවේ පස්වන සංවත්සර උළෙල ‘උරුමයේ ආශ්චර්යය - ශ්‍රී ලංකා’ පසුගියදා අර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ලේඛනාගාර ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මෙම අවස්ථාවට ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රිනී මාලිනී ෆොන්සේකා, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල, ලේක්හවුස් ආයතනයේ සභාපති, ප්‍රවීණ ජනමාධ්‍යවේදී බන්දුල පද්මකුමාර, ස්වාධීන රූපවාහිනී සේවයේ සභාපති රොස්මන්ඩ් සේනාරත්න, නාවුක හමුදාපති ජයනාත් කොළඹගේ යන මහත්ම මහත්මීන් ඇතුළුව සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගි වූහ. එහිදී අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පහන දල්වමින්.