වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




තරිඳු ගෙනෙන ‘ස්ටාර් ලයින්’ අද උඩවැලිවිටිතලාවේ

තරිඳු ගෙනෙන ‘ස්ටාර් ලයින්’ අද උඩවැලිවිටිතලාවේ

ඔහු තරිඳු දක්ෂිණ ජයරත්න. කුඩා කල සිටම සංගීතය කෙරේ තිබුණේ අසීමිත කැමැත්තක්. මේ නිසාම ඔහු දුර ගමනක් යන්නට මං පෙත් හෙළි කර ගත්තා. තවමත් පාසල් අධ්‍යාපනය හදාරමින් සිටින හෙතෙම මේ වන විට උසස් පෙළ කලා අංශයේ අධ්‍යාපනය ලබන සිසුවෙකි.

ගාල්ල, නාගොඩ, උඩවැලිවිටිතලාව මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබන තරිඳුගේ දක්ෂතාවයන් පාසල් වේදිකාව ඔස්සේ තව තවත් වර්ධනය කර ගන්නට හැකි විණි. ගායන අංශයෙන් විවිධ දක්ෂතා දැක් වූ මොහු පාසලේ සුවිශේෂී ශිෂ්‍යයකු ලෙසින් ද කැපී පෙනුණි.

තරිඳු තම ගායන දිවියේ තවත් පියවරක් ඉදිරියට තබමින් ‘ස්ටාර් ලයින්’ නමින් සංගීත කණ්ඩායමක් ද නිර්මාණය කළේය. එහි කලඑළි මංගල්‍යය ගාල්ල, නාගොඩ, උඩවැලිවිටිතලාව මහා විද්‍යාල ක්‍රීඩාංගනයේදී ජූනි මස 26 වන දින රාත්‍රී 8.00 ට පැවැත්වෙයි.

ස්ටාර් ලයින් සංගීත කණ්ඩායමේ ලීඩ් ගිටාර් - නුවන්, බේස් ගිටාර් - දීලීප, රිදම් ගිටාර් - එරංද, කීබෝඩ් වාදනය - ලක්ෂිත, ඩ්‍රම්ස් වාදනය - ජනුක, ඔක්ටපෑඩ් වාදනය - මංජු ගෙන් ද නිර්මාණය වූවකි. මෙහි ගායනයෙන් ලසිත සහ තරිඳු දායක වේ.

එසේම උත්සව අවස්ථාවන් සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර, ඩී. ජේ, ත්‍රී මෑන් ෂෝ සඳහා ද තරිඳු දායකත්වය සපයයි.

සංගීත ගුරු උපදේශක ඉන්දික හල්පිත ගුරුතුමාගෙන් තරිඳුගේ සංගීත දිවියට විශේෂ උදව් ලැබුවා සේම සිය කලා කටයුතු සඳහා සිය දෙමාපියන්ගෙන් සහ ගම්වාසීන්ගෙන් උපරිම සහයෝගයක් ලැබෙන බව ද ඔහු පවසා සිටිනුයේ හද පිරි සතුටිනි.

තරිඳු දක්ෂිණගේ සංගීත දිවියට සරසවිය පුවත්පතේ සුබපැතුම් අපි එක් කරන අතරේ ඔබටත් තරිඳුගේ 0771984756 දුරකතන අංකයට කතා කොට සුබපතන්නත් පුළුවන්.