වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




සිංහල සිනමා විස්තරය 161

සිංහල සිනමා විස්තරය 161

මංගල තෑග්ග

තිරගත වූ දිනය – 1987 මැයි 07 ඉදිරිපත් කිරීම - වෝක්ස් එන්ටර්ප්‍රයිසස් නිෂ්පාදනය – එච්. ඩී. ප්‍රේමරත්න, එච්. ඩී. සුනිල් කතාව, දෙබස්, තිර නාටකය සහ අධ්‍යක්ෂණය - එච්. ඩී. ප්‍රේමරත්න සහාය අධ්‍යක්ෂණය – වසන්ත කුමාර කුලතුංග, එල්. එස්. චන්ද්‍රසේකර, කැමිලස් පෙරේරා

කැමරාකරණය - ඇන්ඩෲ ජයමාන්න කැමරා සහාය - සුනිල් ජයවීර, නිමල් බන්දුසේන, බෙනඩික් සිල්වා

සංස්කරණය – ඇන්ඩෲ ජයමාන්න සහාය - ඩෙන්සිල් ජයවීර අංග රචනය - රංජිත් මතඟවීර සහාය – ඔසී

කලා අධ්‍යක්ෂණය – ධර්මසේන හේමපාල - සහාය ප්‍රියන්ත අතුල කුමාර ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග ශබ්ද සහාය - ඩී. එච්. ඒ. ජයමාන්න, උපාලි අරම්පොල, පාලිත සිල්වා, ඩබ්ලිව්. ජී. පොඩිරත්න, එම්. ඊ. ඒ. අල්විස්, ආර්. ඒ. රංජිත් පෙරේරා

රසායනාගාර පාලක - ජෙරල්ඩ් බී. ජයවර්ධන රසායනාගාර සහාය - කේ. එම්. ජයවර්ධන, ඇන්. ගමගේ, එම්. සී. පෙරේරා, තිලක් ෆොන්සේකා, ශාන්ත අත්තනායක, ඇන්ඩි සිංඤෝ සැකසුම - රාජ්‍ය චිත්‍රපට සංස්ථා චිත්‍රාගාරය නාමවලිය - හේමචන්ද්‍ර පෙරේරා

නිශ්චල ඡායාරූප - සමන් කුමාර ප්‍රනාන්දු නිෂ්පාදන කළමනාකරණය - එච්. ඩී. සුනිල්, හෙක්ටර් හපුගෙඩ නිෂ්පාදන අංශය - බී. ඒ. සුනිත් කුමාර, චන්ද්‍ර පද්මිණි ප්‍රේමරත්න, උදේන ජයවර්ධන, සුනිල් කෝට්ටේආරච්චි, කීර්ති රංජිත් පීරිස් කොණ්ඩා මෝස්තර - ලලිත් ධර්මවර්ධන

කැමරා හා විදුලි උපකරණ - සුමිත්ත එන්ටර්ප්‍රයිසස් ගීත පටිගත කිරීම - මර්වින් බෙන්ස්

පසුබිම් කථනය – ගීතා කාන්ති ජයකොඩි පසුතල නිර්මාණය - කේ. ඩී. ජස්ටින්

සංගීත අධ්‍යක්ෂණය - එච්. එම්. ජයවර්ධන

ගීත - එක යායේ එකා වගේ – එඩ්වඩ් ජයකොඩි, සුනිල් එදිරිසිංහ, බන්දුල විජේවීර – පද - ප්‍රෙමකීර්ති ද අල්විස් වාසනා වේවා - සනත් නන්දසිරි - පද - කැමිලස් පෙරේරා තුරුලක හුරතල් පින්නේ - සුනිල් එදිරිසිංහ – පද – කුලරත්න ආරියවංශ ධාවන කාලය - පැය 2 විනාඩි 20 – පිටපත් ප්‍රමාණය -14

නළු නිළියන් - රවීන්ද්‍ර රන්දෙණිය, සනත් ගුණතිලක, ජයලත් මනෝරත්න, ශ්‍රියන්ත මෙන්ඩිස්, වසන්ති චතුරානි, සනෝජා බිබිලේ, සිරිල් වික්‍රමගේ, ජෝ දඹුලුගල, ෆ්‍රීලික්ස් ප්‍රේමර්ධන, ධර්මදාස කුරුප්පු, රූබි ද මෙල්, දෙනවක හාමිනේ, ඇග්නස් සිරිසේන, මැණිකේ අත්තනායක, රාජා සුමනපාල, ප්‍රියංක පෙරේරා, සෝමසිරි කොළඹගේ, ඩන්ස්ටන් චන්ද්‍රලාල්, මියුරි සමරසිංහ, රත්නා සුමනපාල, රමණී සිරිවර්ධන, නිරූපා සාගරිකා, චායා මධූරි කුලතුංග, සනත් නන්දසිරි, ආතර් කපුරු බණ්ඩාර, විමල් බුලේගොඩ, ලෝරි ගුණවර්ධන

කිවුලේගෙදර මොහොට්ටාල

තිරගත වූ දිනය – 1987 මැයි 29 ඉදිරිපත් කිරීම – එම්. ඕ. එම්. චිත්‍රපට නිෂ්පාදනය – එම්. ඩී. එම්. මුස්තාපා

අධ්‍යක්ෂණය – පතිරාජ එල්. එස්. දයානන්ද දෙබස් සහ තිර නාටකය - දයා වයමන්, පතිරාජ එල්. එස්. දයානන්ද

සහාය අධ්‍යක්ෂණය - ප්‍රේමදාස ගනේගොඩ, පුණ්‍යා බුලත්සිංහල, ප්‍රභාත් කුමාර

නිෂ්පාදන සහාය – මුබාරත් කැමරාකරණය - එම්. වී. හේමපාල

කැමරා උපකරණ - ඩී. එන්. එෆ්. සී. / සමරසිංහ චිත්‍රපට සංස්කරණය - සිරි කේ. විතාරණ සංස්කරණ මැදිරිය - සමරසිංහ චිත්‍රපට

සංස්කරණ මැදිරිය අංග රචනය – එස්. පී. කොස්තා, කේ. ඩී. සිරිපාල

කලා අධ්‍යක්ෂණය – රනිල් වික්‍රමනායක

සටන් අධ්‍යක්ෂණය - විල්සන් කරුණාරත්න ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග, කේ. පී. කේ. බාසිංහම්, කේ. බාලසුබ‍්‍රමනියම්

ශබ්ද සහාය - ආනන්ද අමරසිංහ, බී. සෝමදාස, ඇලෝසියස් රුද්‍රිගූ

රසායනාගාර සහාය - ඇස්. රාජරත්නම්, පීටර් රේමන්ඩ්, එන්. ශ්‍යාම් කුමාර් සැකසුම - විජය චිත්‍රාගාරය නිෂ්පාදන කළමනාකරණය - චන්ද්‍රසේන කපුගේ නිෂ්පාදන අධිකාරි - ප්‍රේමදාස ගනේගොඩ නිශ්චල ඡායාරූප - ජිනදාස පෙරේරා

සංගීත අධ්‍යක්ෂණය - සරත් රුද්‍රිගූ ගීත ප්‍රබන්ධය – කරුණාරත්න ඩී. පිලිප්, දයා ආනන්ද රණසිංහ ගීත - ඉහළට එස වූ සිංහල කඩු පත් පහළ වුණා එක නිරිඳෙකු

රංගනය - විල්සන් කරුණාරත්න, රත්මලී ගුණසේකර, හයසින්ත් විජේරත්න, ප්‍රේමදාස ගනේගෙඩ, රංජිත් සුරංග, සමන් බොකලවෙල, අශෝක හේවාවිතාරණ, රංජිත් වීරප්පුලි, වින්සන්ට් ප්‍රේමසිරි, විජේරත්න වරකාගොඩ, අනුර මැදගොඩ, පුණ්‍යා බුලත්සිංහල, දොන් සිරිසේන, යූ. ආරියවිමල්, ප්‍රසන්න ෆොන්සේකා, සොමී රත්නායක, ඩේවිඩ් ධර්මකීර්ති, පතිරාජ එල්. එස්. දයානන්ද, කිත්සිරි පෙරේරා, කුවින්ටස් වීරකෝන්, රංජිත් පෙරේරා, ෆ්‍රැන්සිස් වන්නිආරච්චි, ප්‍රේමසිරි කල්පගේ, හර්බට් කහවිට, ධර්මසේන නානායක්කාර, නිහාල් සිල්වා, කැළුම් ගනේගොඩ, සිරාශ් විජේරත්න (ළමා)