වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




සල්මන් ගායනයට

සල්මන් ගායනයට

සල්මන් දැන් ‘ත්‍රී ඉන් වන්’ය. මුලින් ඔහු එක් වූයේ රංගනයටයි. ‘නෝ එන්ට්‍රි’ සිනමාපටයෙන් පියාගේ අඩි පාරේ යමින් ගීත රචකයකු විය. දැන් ඔහු ගායකයෙකි. ‘කික්’ සිනමාපටයේ ප්‍රේම ගීතයට සල්මන් සිය හඬ මුසු කරන්නේ ශ්‍රෙයා ගෝෂාල්ගේ මිහිරි ගී හඬට යුග ගීතයක් වෙමිනි.

ඔහුගේ ගී හඬට සම්මානනීය ගායිකා ශ්‍රෙයා පවා වශී වී තිබේ. ‘හරි අපූරු ගායකයෙක් සල්මන් ළඟ හැංගිලා ඉඳලා’ කවුරුත් ගීතයට ප්‍රතිචාර දක්වා ඇත්තේ එලෙසිනුයි. මීට පෙර ඔහු ගීතවල සුළු කොටස් ගයා තිබුණ ද ගායකයකු ලෙස දොරට වඩින ප්‍රථම අවස්ථාව මෙයයි.

සල්මන්ගේ කඩවසම් රුවට වශීවුණු රසිකාවන් මෙවර වශීවනු ඇත්තේ හඬටය.

සල්මන්ට 1994 තරම් දශක දෙකක අතීතයට යාමට ද දැන් වරම් ලැබී ඇත. සංගීතවත් විකට සිනමාපටයක් වූ ‘අන්දාස් අප්නා අප්නා’ දෙවැන්නක් ගැන මේ දිනවල අධ්‍යක්ෂ රාජ්කුමාර් සන්තෝෂි සිහින දකියි. අමීර් හා සල්මන් මෙහි රංගනයට එක පයින් සූදානම්ය.