වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




තරබාරුව අඩු වෙලා

තරබාරුව අඩු වෙලා

ඥාති සොයුරු රන්බීර් කපූර් ඇඳුම් මාරු කරනවාක් මෙන් තරුණියන් මාරු කළ ද, අර්මාන් ජේන් නම් වයස අවුරුදු විසි තුනක් වෙන තුරුත් තරුණියකට ‘ආදරෙයි’ කියා නැත. ඔහුට මුල්වරට පෙම්වතියකට සමීප වීමට ලැබෙන්නේ තිරයේදීය.

මේ අවාසනාවන්ත ඉරණමට හේතුව තරබාරු පෙනුම බවට ඔහු අනුමාන කරයි. කිලෝ 95 ක් බරැති අර්මාන් දෙස ගැහැනු ළමයි කිසිවකු නෙත් කොණකින්වත් බලා නැත. ඒ වෙනුවට ඔවුන් සහෝදරත්වයේ නාමයෙන් රාඛි බැඳ තිබේ.

තිරයේදී දැකීමට ලැබෙන්නේ තරබාරු අර්මාන් කෙනකු නොවෙයි. කපූර් පවුලේ තවත් කඩවසම් හාදයෙකි.

ඔහුගේ ‘ලේකර් හම් දිවානා දිල්’ ජූලි 4 තිරගත වූ පසු තරුණියන්ගෙන් ලැබෙන ප්‍රතිචාර අහස, පොළොව මෙන් වෙනස් වෙනවා නිසැකය.