වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




උදයකාන්ත ගෙන් පටාචාරා

උදයකාන්ත ගෙන් පටාචාරා

පටාචාරාට අලුත් තරුවක්

කොස්තාපල් පුඤ්ඤසෝම අති සාර්ථකව තිරගත වෙද්දී උදයකාන්ත වර්ණසූරිය සිය දහ නව වැනි සිනමා කෘතිය සඳහා මේ දිනවල සූදානම් වෙයි. එය පුඤ්ඤසෝමට වඩා හාත්පසින්ම වෙනස් සිනමා පටයක් වන බව උදයකාන්ත ‘සරසවිය’ට දන්වා සිටියි. එය නිර්මාණය වනුයේ පටාචාරා කතාවස්තුව ඇසුරෙනි.

ඒ අනුව උදයකාන්තගේ පළමු ඓතිහාසික සිනමා පටය මෙය වේ. මෙහි පටාචාරා චරිතය සඳහා තවමත් රංගන ශිල්පිනියක් තෝරාගෙන නොමැති අතර එම චරිතය භාරදෙමින් තවත් අලුත් තාරකාවක් හෙළ සිනමාවට හඳුන්වාදීමට අධ්‍යක්ෂවරයා අපේක්ෂා කරයි.

පටාචාරා ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා සම නිෂ්පාදනයකි. රන්දිය ඔසී ශ්‍රී ලංකා ෆිල්ම්ස් ආයතනය වෙනුවෙන් ලතා කුලරත්න මෙය නිෂ්පාදනය කරයි. කැමරාව ජයනාත් ගුණවර්ධන මෙහෙයවයි.

ආචාර්ය රෝහණ වීරසිංහගේ සංගීත අධ්‍යක්ෂණයකි. මහාචාර්ය සුනිල් ආරියරත්න ගීත රචනා කරයි. විශාරද නන්දා මාලනී සහ සුනිල් එදිරිසිංහ මෙහි ගීත ගැයීමට නියමිතය. ලබන සැප්තැම්බරයේ රූගත කිරීම් ඇරැඹෙන පටාචාරා මෙරට මෙන්ම ඉන්දියාවේ ද රූ ගැන්වෙනු ඇත. ප්‍රසාද්