වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




T o p T e n

T o p T e n

Think Like a Man Too මුල් තැනට

අමෙරිකානු බොක්ස් ඔෆිස් වාර්තා චිත්‍රපට පෙළෙහි මෙවර අංක එක දිනාගෙන සිටින්නේ හාස්‍යමය කතා පුවතක් ගෙන එන Think Like a Man Too  චිත්‍රපටය යි. පසුගිය ජුනි 20 වැනිදා සිට අමෙරිකානු ප්‍රදර්ශනය ආරම්භ කළ එය පසුගිය සති අන්තය වන විටදී වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 29.2ක්. ටිම් ස්ටෝරි විසින් අධ්‍යක්ෂණය කළ මෙම චිත්‍රපටයේ කෙවින් හාර්ට්, ගේබ්‍රිලි යුනියන්, වෙන්ඩි මැකලෙන්ඩන්, මයිකල් එලී, රෙජිනා හෝල් ඇතුළු පිරිසක් රංගනයෙන් දායක වෙති. පසුගිය සති අන්තයේදී ඩොලර් මිලියන 27.5ක ආදායමක් ලද 22 Jump Street චිත්‍රපටය දෙවැනි ස්ථානයට පත් විය. හාස්‍ය මෙන්ම ක්‍රියාදාම ජවනිකාද ඇතුළත් මෙහි අධ්‍යක්ෂණය පිල් ලෝර්ඩ් සහ ක්‍රිස්ටෝපර් මිලර් විසිනි. චානින් ටැටුම්, ජෝනා හිල්, ඇම්බර් ස්ටීවන්ස් ඇතුළු පිරිසක් මෙහි රංගනයෙන් දායක වෙති.

පසුගිය ජුනි 13 වැනිදා සිට අමෙරිකාවේ ප්‍රදර්ශනය ආරම්භ කළ How to Train Your Dragon 2  චිත්‍රපටය බොක්ස් ඔෆිස් චිත්‍රපට දර්ශකයේ තෙවැනි ස්ථානයට පත්ව සිටියි. පරිගණක සජීවකරණ චිත්‍රපටයක් වන මෙය පසුගිය සති අන්තය වන විටදී ඩොලර් මිලියන 24.7ක ආදායමක් උපයා තිබුණි. Jersey Boys ජුනි 20 වැනිදා අමෙරිකානු ප්‍රදර්ශනය ආරම්භ කළ තවත් චිත්‍රපටයකි. සංගීතමය චිත්‍රපටයක් වන එහි ජෝන් ලොයිඩ් යන්ග්, එරිච් බර්ගන්, මයිකල් ලොමෙන්ඩා, ක්‍රිස්ටෝපර් වෝල්කන් ඇතුළු පිරිසක් රංගන දායකත්වය ලබා දෙති. Jersey Boys අධ්‍යක්ෂණය ක්ලින්ට් ඊස්ට්වුඩ් විසිනි. ක්‍රියාදාම ජවනිකා ඇතුළත් සුරංගනා කතා පුවතක් ගෙන එන Maleficent ඩොලර් මිලියන 12.9ක සති අන්ත ආදායමක් ලබා පස්වැනි ස්ථානයට පැමිණ සිටියි. ඩග් ලීමන් අධ්‍යක්ෂණය කළ විද්‍යා ප්‍රබන්ධ ක්‍රියාදාම චිත්‍රපටයක් වන  Edge of Tomorrow චිත්‍රපටයට හිමිව ඇත්තේ හයවැනි ස්ථානය යි. ජුනි 06 වැනිදා සිට අමෙරිකානු ප්‍රදර්ශනය ආරම්භ කළ එය පසුගිය සති අන්තයේදී වාර්තා කළ ආදායම ඩොලර් මිලියන 9.8ක්. ටොම් කෲස්, එමිලි බ්ලන්ට්, බිල් පැක්ස්ටන් ඇතුළු පිරිසක් Edge of Tomorrowහි රංගයෙන් දායක වෙති.

ප්‍රේමණීය කතා පුවතක් ගෙන එන The Fault in Our Stars  චිත්‍රපටය බොක්ස් ඔෆිස් චිත්‍රපට අතරේ හත්වැනි ස්ථානයට පැමිණ සිටියි. පසුගිය සති අන්තය වන විට එය ඩොලර් මිලියන 8.6ක ආදායමක් උපයා තිබුණි. බ්‍රයන් සින්ගර් අධ්‍යක්ෂණය කළ X – Men : Days of Future Past  චිත්‍රපටයට අටවැනි ස්ථානය හිමි විය. Godzila  චිත්‍රපටයට නමවැනි ස්ථානය හිමි වූ අතර Chef චිත්‍රපටයට දස වැනි ස්ථානය හිමි විය.