වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




ලස්සනට වන මල් ඕස්ට්‍රේලියාවේ පිපේ

ලස්සනට වන මල් ඕස්ට්‍රේලියාවේ පිපේ

අඩ සියවසක් පුරා මෙරට ගීත ක්ෂේත්‍රයේ කිරුළු පැලඳි නිහාල් නෙල්සන් වසර 14 කට පසුව ‘ලස්සනට පිපුණු වනමල්’ ප්‍රසංගයෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරය ගීතවත් කිරීමට සුදානම් වේ.

මෙල්බර්න් නුවර රොක්බෑන් හි පාරමිතා බෞද්ධ විහාරස්ථානයට ආධාර පිණිස ජූලි 05 වැනිදා ජෝර්ජ් වුඩ් දෘශ්‍ය කලා මධ්‍යස්ථානයේ දී මෙම ප්‍රසංගය පැවැත්වේ. බටහිර වික්ටෝරියා ශ්‍රී ලංකා බෞද්ධ සංගමය විසින් මෙම ප්‍රසංගය සංවිධානය කෙරේ. ඇඩිලිඩ් හි බෞද්ධ විහාරය ගොඩනැංවීම වෙනුවෙන් පැවැත්වෙන ප්‍රසංගය ජූලි 12 වැනි දා ඇඩිලිඩ් හිදී පවත්වන්නත් කටයුතු සංවිධානය කර ඇත.