වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




ආදරණීය කතාවක පැටලිලා

ආදරණීය කතාවක පැටලිලා

චිත්‍රපට අධ්‍යක්‍ෂ පි‍්‍රයන්ත කොළඹගේ

මම මේ දවස්වල මගේ අලුත්ම චිත්‍රපටය ‘ආදරණීය කතාවක්’ හි රූගත කිරීම් කොළඹ අවට ප්‍රදේශ කිහිපයක යොදා ගෙන තියෙනවා. බිමල් ජයකොඩි, හේමාල් රණසිංහ, උදාරි වර්ණකුලසූරිය, අරුණි රාජපක්‍ෂ ප්‍රධාන රංගනයෙන් දායකවන මෙහි අවසන් අදියරේ රූගත කිරීම් දැන් කරගෙන යනවා.

ඒ නිසා මේ දවස්වල නම් ඉතින් අවධානය තියෙන්නෙ ආදරණීය කතාවක් ගැන විතරයි. පසුගිය පොසොන් පෝය දවසේ මම අධ්‍යක්‍ෂණය කළ ‘අරුමෝසම් වැහි’ චිත්‍රපටය ටෙලි විෂනයෙන් විකාශය වුණා. ඒ වෙනුවෙන් ලද ප්‍රතිචාර නිසාත් ලොකු සතුටකින් ඉන්නෙ.