වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




පියුං රට ලියුම් නැත

පියුං රට ලියුම් නැත

රංගන ශිල්පී එඩී අමරසිංහ

රංගන ශිල්පී එඩී අමරසිංහ නිර්මාණය කළ ‘සරසවි වරම් චාරිකාව’ වේදිකා නාට්‍ය ත්‍රිත්වය මාස තුනකට වේදිකා ගත නොකිරීමට ඔහු තීරණය කර ඇත.

කෝපි කඩේ පියුන් මහත්තයා ලෙසින් ජනතාවගේ ආදරයට පාත්‍ර වූ එඩී අමරසිංහ මාස තුනකට විදෙස් ගතවීම මෙම තීරණයට හේතුවී තිබේ.

කලක් රංගන ක්ෂේත්‍රයට දායක වී සිටි චාරුණී අමරසිංහ නම් වූ ඔහුගේ දියණිය ගේ සුවදුක් බැලීම සඳහා ඔහු ඕස්ට්‍රේලියාව බලා පිටත් විය. ඒ හේතුවෙන් ඉදිරි මාස තුන පුරා කෝපි කඩේ ටෙලි නාට්‍ය මාලාවේ ලියුම් බෙදීමට ද නොහැකි වන බව එඩී අමරසිංහ ‘සරසවිය’ ට පැවසුවේය.