වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




මිල්ටන් ජයවර්ධන වෙන් වී පස්වසරයි

මිල්ටන් ජයවර්ධන වෙන් වී පස්වසරයි

සුප්‍රකට සිනමාකරු මිල්ටන් ජයවර්ධන අභාවප්‍රාප්ත වී මේ මස 28 වැනිදා ට පසවසරක් ගතවෙයි. ඔහු වෙනුවෙන් විශේෂ පින්කමක් මේ මස 28 වැනිදා දෙහිවල ගාලු පාරේ අංක 90 දරන තැන ඔහු ජීවත්ව සිටි නිවසේ දී සිදුවන බව ඔහුගේ බිරිය බියට්‍රිස් ජයවර්ධන දන්වා සිටියි.

‘සරුබිම’ චිත්‍රපටයෙන් සිනමා රංගනයට පිවිසි ඔහු ‘අක්කර පහ’ චිත්‍රපටයෙහි ප්‍රධාන චරිතය නිරූපණය කළේය. ඉන්පසු ‘සදහටම ඔබ මගේ’ ඇතුළු චිත්‍රපට රාශියක රඟ පෑවේය. මුලින්ම ඔහු අධ්‍යක්‍ෂණය කරන ලද්දේ සදහටම ඔබ මගේ චිත්‍රපටයයි. එය සේන සමරසිංහ ගේ මුල්ම නිෂ්පාදනයයි. ඔහු “මධුවන්ති, නුවන් රේණු, සමාවෙන්න, ආයාචනා, සඳමාලි, නැවත අපි එක්වෙමු, සුවදෙන සුවඳක්, නුඹ නාඬන් අපට පිස්සු, තාරකා මල්, බිතුසිතුවම් යන චිත්‍රපට එකොළහක් අධ්‍යක්‍ෂණය කළේය.