වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




සුගත්, ගයාන් මහා රාවණාට සැරසෙයි

සුගත්, ගයාන් මහා රාවණාට සැරසෙයි

විජය කුවේණි නිර්මාණය කළ සුගත් සමරකෝන් ගේ නවතම සිනමාපටය ඇහැලේපොළ කුමාරිහාමි තිරගත කරන්නට මත්තෙන් ඔහු තවත් සිනමා සිතුවමක් අධ්‍යක්‍ෂණය කිරීමට සූදානම්වේ.

එය මහා රාවණා රජුගේ ජීවිත කතාවේ සුවිශේෂී සන්ධිස්ථාන අළලා නිර්මාණය වන සිනමා සිතුවමකි. මහා රාවණා කතා පුවත ද නිෂ්පාදනය කරනුයේ ගයාන් රණධීර විසිනි.

මෙය ගයාන් ගේ සිව්වැනි සිනමා නිෂ්පාදනයයි. මේ වන විට මහා රාවණා හි තිරපිටපත සැකසෙමින් පවතියි. එහි පෙර නිෂ්පාදන කටයුතු ළඟදීම ඇරැඹෙන බව සුගත් සරසවියට දන්වා සිටියි. චිත්‍රපටයේ නළු නිළියන් තෝරා ගැනීම මේ දිනවල සිදුවෙමින් පවතින අතර ළඟදීම මහා රාවණා හි රූගත කිරීම් ඇරැඹෙනු ඇත.