වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




ඇතුගල ආපසු ‘මහ සමයම’ එක්ක

ඇතුගල ආපසු ‘මහ සමයම’ එක්ක

මහාචාර්ය ආරියරත්න ඇතුගලගේ ‘මහ සමයම’ දෘශ්‍ය කාව්‍ය මේ මස 26, 27 හා 28 යන දිනවල නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී රංග ගත වෙයි.

ප්‍රේක්ෂක ඉල්ලීම මත වේදිකා ගතවන ‘මහ සමයම’ දෘශ්‍ය කාව්‍යය 26, 27 වැනි දිනවල වේදිකා ගත වන්නේ පාසල් ළමයින් සඳහාය. මෙවර පාසල් දර්ශන සඳහා කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල හා අනුරාධපුර යන දිස්ත්‍රික්කවලින් පාසල් 25 කට ආසන්න ප්‍රමාණයක සිසු සිසුවියන් සහභාගි වීමට නියමිතය.

එමෙන්ම නාට්‍ය පාසල් දර්ශන වේදිකා ගත වන දිනවලදී පාසල් සිසුන් සඳහා නාට්‍යකරණය පිළිබඳ කෙටි දේශන මාලාවක් මහාචාර්ය ආරියරත්න ඇතුගල හා ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී පවත්වනු ලබයි.

ලංකාවේ ප්‍රවීණතම නළු නිළියන් රාශියකගේ රංගන දායකත්වය සපයන ‘මහ සමයම’හි ජැක්සන් ඇන්තනී, ශ්‍රියන්ත මෙන්ඩිස්, නිශ්ශංක දිද්දෙණිය, චන්න විජේවර්ධන, රවි බන්ධු විද්‍යාපති, ඉන්දිකා උපමාලි, මාදනී මල්වත්තගේ, චතුරිකා පීරිස්, ජනක රණසිංහ, කුමාර තිරිමාදුර ඇතුළු දෙසීයකට අධික රංගන ශිල්පීන් පිරිසක් රංගනයෙන් සහභාගි වෙති. මෙහි සංගීත අධ්‍යක්ෂණය විශාරද සමන්ත පෙරේරායි.

මහජන දර්ශනය පැවැත් වෙන්නේ 28 වැනිදායි.