වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




උරුමයට පස් වසරයි

‘ඔබ නැතුව ඔබ එක්ක’ චෙන්නායි විරෝධතා

ප්‍රදර්ශනය අත්හිටුවයි

ඉන්දියාවේදී මුල් වරට තිරගත කරවනු ලබන ශ්‍රී ලාංකික චිත්‍රපටයක් වන ප්‍රවීණ අධ්‍යක්ෂ ප්‍රසන්න විතානගේ ගේ ‘ඔබ නැතුව ඔබ එක්ක’ චිත්‍රපටය තමිල්නාඩුවේ චෙන්නායි නගරයේ තිරගත කිරීම විරෝධතා හා තර්ජන හේතුවෙන් වහාම අත්හිටුවා ඇතැයි වාර්තා වෙයි.

මේ චිත්‍රපටය පසුගිය මාසයේ ඉන්දියාවේ සෙසු ප්‍රාන්තවල පී. වී. ආර්. සිනමා සංකීර්ණයේ සාර්ථකව තිරගත විය. එහෙත් චෙන්නායිහි තිරගත වීමට තිබුණේ පසුගිය සිකුරාදාය (20 වැනිදා). එනමුදු සිනමා ශාලාවට එල්ල වූ තර්ජන හේතුවෙන් චිත්‍රපටය තිරගතවීම අත්හිට වූ බව පී. වී. ආර්. කළමනාකරු ශීලාදිත්‍යා බෝරා පවසා තිබුණි. එහි ශාම් ප්‍රනාන්දු සහ ඉන්දියානු නිළි අංජලී පටෙල් ප්‍රධාන චරිත නිරූපණය කළහ.

මේ දිනවල සිනමාවේදී ප්‍රසන්න විතානගේ ඉන්දියාවට ගොස් සිටින අතර ඔහුගෙන් අප තොරතුරු විමසීමට ගත් උත්සාහය ව්‍යර්ථ විය.