වර්ෂ 2014 ක්වූ ජුනි 19 වැනිදා බ්‍රහස්පතින්දා




චන්ද්‍රසේන පෙරේරාට ඉහළම ගෞරවයක්

චන්ද්‍රසේන පෙරේරාට ඉහළම ගෞරවයක්
 

ප්‍රවීණ ඡායාරූප ශිල්පී චන්ද්‍රසේන පෙරේරා ලෝක ඡායාරූප කලා ශිල්ප සංවිධානයේ පැරිස් මූලස්ථානයෙන් (F T A P) EFIAP ගෞරව සම්මානය පුද කර තිබේ. ඡායාරූප ශිල්පියකුට ලැබිය හැකි ඉහළම සම්මාන අතර වන මෙම සම්මානයෙන් ඔහු පිදුම් ලැබූයේ ඡායාරූප ක්ෂේත්‍රය වෙනුවෙන් කළ මෙහෙවර සහ විදේශීය ඡායාරූප තරගයන්හි දී දක්වන ලද දස්කම් ද අගය කරමිනි.

දවස පුවත්පතෙහි නිදහස් මාධ්‍යවේදියකු ලෙසින් රැකියාව ආරම්භ කළ ඔහු නවකතා සහ කෙටි කතා රචනා කරමින් චිත්‍රපට තිර රචනයට ද පවිසි අතර ‘බිත්ති හතර’ හා ‘තුත්තිරි මල්’ චිත්‍රපටවල තිර රචනා ද ඔහු අතින් ලියවුණු ඒවාය. 1982 වසරේ හොඳම කෙටි චිත්‍රපටය ලෙස පිදුම් ලද ‘දයාබර දරැවෙක්’ චන්ද්‍රසේන පෙරේරා ගේ නිර්මාණයකි. එමෙන්ම ඔහු මෙරට පාසල් රැසක දරුවන් අතරේ ඡායාරූප ශිල්පය ව්‍යාප්ත කිරීම වෙනුවෙන් කැප වී සිටියි.