වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




ඇන්ඩෘ අයියේ

ඇන්ඩෘ අයියේ

කැමරාවේ උපනෙතට අපේ නෙත තබා
ලෝකය පෙනෙන දුරට වඩා දකින්නට
අපට තෙවැනි ඇස පාදා දුන්
ඇසි දිසි කලාවේ අපේ පළමු ගුරුවරයා ඔබයි
ඕ. සී. අයි. සී. යේ දේශන ශාලාවේ
ඔබ අපට මහැදුරකු විය වෙසතුරු සේ ශිල්ප දන්දුන්
ඔබ පෙන් වූ දුර දැක ඒ සොයා යන සිසු පරපුර
ඇසිදිසි ලොව පෙළහර පානා සඳ
සතුටු කඳුළක් හලන බව දනිමි අප නමින් නොවැරදීම
ස්වර්ගයේ සිට ඔබ පැතූ
කළු සුදු ලෝකයට අරුත්බර පාට දුන්
පැතලි ඡායාවට මාන රැසකින් ගැඹුර දුන්
නුඹේ ඇස ඉසිවර නෙතක් කොට
නුඹ විහිද වූ රූපමය තරංග කැටි වී
ඔබෙන් ශිල්ප ලද අපේ නෙත් හිත් අභියස
ඔබේ රූපය මවා පසක් කර දෙයි නිහඬව
පහසුකම් බොහෝ නැති ගෙවී ගිය රූපය
සැලෝලයිඩ් හා කාන්දම් විනිවිද ජීවිතය දකින්නට
අරුත් ඇති පරපුරක හදවත් මත නෙත් තැබූ
අපේ පළමු ගුරුවරයා අපේ දුයිෂෙන්
ඔබ බව ඇන්ඩෲ අයියේ
සුභ ගමන්! ඔබට