ශේක්ස්පියර් සමඟ ටෝනි
ශේක්ස්පියර්
සමඟ ටෝනි
අතීතයේ බ්‍රිතාන්‍යයේ සිටි විශිෂ්ට ගණයේ නළුවන් හඳුන්වන ලද්දේ තෙස්පියානුවන්
හැටියටය. මේ අග්‍රගණ්‍ය රංග කෞශල්‍යයෙන් යුත් ඔවුහු රාජ රාජ මහෝත්තමයන් සම
තත්ත්වයෙහිලා සැලකූහ.
අපේ තෙස්පියානු පරපුරට අයත් ටෝනි රණසිංහයන්ට අයත් වන්නේ ද ඉහළ
ස්ථානයකි.
රංගවේදයෙන් පමණක් නොව නාට්‍ය පරිවර්තනයෙන් ද, රචනයෙන් ද ඔහු අපට සිටින
තෙස්පියානුවෙකි.
මහ කවි විලියම් ශේක්ස්පියර් පිළිබඳ අතැඹුලක් සේ දත් ඔහු එදා
මෙදාතුර ලාංකේය හුදී ජන පහන් සංවේගය උදෙසා ඔවුන්ගේ සිත්හි ශේක්ස්පියර්ව නිර්මාණය
කිරීමට කරන ලද මෙහෙය ඉමහත්ය.
එය කෙතරම් ද යත් ඔහු වේදිකාවට ගෙන ආ ජුලියස් සීසර්
හරහා සිනමා සක්විති ගාමිණී ෆොන්සේකාව කරළියට රැගෙන ආවේය. මේ දිනවල ටෝනි විලියම්
ශේක්ස්පියර්ගේ ‘ඔතෙලෝ’ පාඨකයන් වෙත තිළිණ කර ඇත්තේය.
පසුගිය වසර කිහිපයේදී ටෝනි
ශේක්ස්පියර්ගේ ‘ජුලියස් සීසර්’ සහ ‘දොළොස්වන රාත්‍රිය - Twelth Night’ යන කෘති
සිංහල පාඨකයා හමුවට ගෙන පැමිණියේය. මේ සියලු කෘති ප්‍රේම් දිසානායකගේ ‘සුරස’ පොතක්
ලෙස එළි දක්වා ඇත.
|