ඔව්. එහෙම තියෙනවා. ඇයි ප්‍රශ්නයක් ද?
ඔව්.
එහෙම තියෙනවා.
ඇයි ප්‍රශ්නයක් ද?
- දීපිකා
දීපිකාට යක්ෂයා ආරූඪ කරන පුවතක් පසුගියදා ඉන්දියාවේ ප්‍රධාන පෙළේ පුවත්පතක පළ වී
තිබිණ. එහි ඇයගේ පියයුරු අතර ඇති රේඛාව පෙන්නුම් කරන අන්දමේ ඡායාරූපයක් පළ කර
‘දීපිකාගේ පියයුරු අතර රේඛාව පෙන්වන ප්‍රදර්ශනය’ ලෙස හැඳින්වීමක් ද කර තිබිණි. මේ
පුවතින් දීපිකා කොපමණ කෝපයට පත් වූවා ද කිවහොත් ‘ඔව්. මම ගැහැනියක්. මට පියයුරු
තිබෙනවා. ඒ වගේම පියයුරු අතර ඉරක් ද තිබෙනවා. ඒක ඔබට ප්‍රශ්නයක් ද?’ කියා ට්විටර්
වෙබ් අඩවියෙන් දැනුම් දී ඇත.
කිසි දිනක තාරකාවක් වීමට සිහින මැව්වේ නැති දීපිකා දැන් බොලිවුඩයට නැතිවම බැරි
තාරකාවකි. මෑතකදී රංගන ජීවිතය අසාර්ථක වුණොත් කරන්නේ කුමක්දැයි දීපිකාගෙන් විමසූ
විට ඇය පවසා ඇත්තේ එය කිසිසේත්ම තමන්ට ගැටලුවක් නොවන බවයි. දීපිකා පදුකෝන් රැඟූ
‘ෆයින්ඩිං ෆැනී’ මේ දිනවල අති සාර්ථක ලෙස තිරගත වෙමින් පවතී.
|