|
යොවුන් පරපුරට කතා කොට රට රටවල නම් දිනූ Boys Over Flowers ගැන අපූරු කතා
දකුණු කොරියානු ආර්ථිකයේ වත්මන් ප්‍රධාන ශක්තිය ෂින්වා සමූහ සමාගමයි. ලෝකයේ මෝටර් රථ, ඉලෙක්ට්‍රෝනික නිෂ්පාදන, ඉන්ධන, බලශක්ති කර්මාන්ත අතර ප්රමුඛ ස්ථානයේ වැජඹෙනුයේ ද සුපතළ ෂින්වා සමාගමය. ‘ජනාධිපතිතුමනි, අපගේ මුණුපුරු පරම්පරාව වෙනුවෙන් මට සිහිනයක් තිබෙනවා. එය සැබෑ කරගන්න අවසර දෙන්න. ෂින්වා සමාගමේ ජයග්‍රහණයට සම්මානයක් ලැබූ දින එහි අයිතිකරු ජනාධිපතිතුමාගෙන් කළ ඉල්ලීම එයයි. එහි ප්‍රතිඵලය ‘ෂින්වා උසස් පාසලයි’ අක්කර සිය ගණනක් පුරා පැතිරුණු මනරම් භූමියක ඉදි වූ ෂින්වා පාසල අති සුඛෝපභෝගී පහසුකම් සියල්ල සපිරි ලොව එකම පාසලය. උසස් වංශක්කාර ධනවතුන් අතුරෙනුත් සියයට එකක් පමණක් පෝසත් ළමුන් ඇතුල් කර ගන්නා ෂින්වා පාසලේ සියලු නීති ක්‍රියාත්මක වුණේ ෂින්වා සමාගමට අනුකූලවය. මේ පාසලට තම දරුවා ඇතුලු කර ගැනීමට ලැබීම සෑම දෙමාපියෙකුම දකින සිහිනයකි. ඒ දුර්ලභ සිහිනය උදා වූ එක් වාසනාවන්ත දිළිඳු අසරණ යුවතියකි. ඇය දුප්පත් ලොන්ඩරි ව්‍යාපාරිකයකුගේ එකම දුව වූ Geum Jun-di ය. ඇගේ නිර්භීත ක්‍රියාවකට ශිෂ්‍යත්වයක් ලැබ ෂින්වා පාසලට යන Jan Dl තමාගේ මෙම පාසල් ගමන තම ජීවිතය සහමුලින්ම වෙනස් කීමට සමත් වන බව කෙදිනක හෝ නොසිතුවාය. ලාංකේය ප්‍රේක්ෂකයෝ ආදරයෙන් වැළඳ ගත් විදෙස් නාට්‍ය බොහෝ තිබුණත් මේ කතාව ඊට හාත්පසින්ම වෙනස්ය. එය ඔෂින්, සුසුරන්, අභීත දියණිය, සුජාත දියණිය වැනි රජ කතා හෝ සාමාන්‍ය දිවි පෙවත ගැන ලියවූවක් නොවේ. එය සුපිරි ධනවත් පැලැන්තියත් දුප්ප්ත් පැලැන්තියත් අතර විනෝදය හාස්‍ය ආදරය හා යථාර්ථය පිරි යොවුන් පාසල් සමනල ආදර සිතුවමකි. මෙතෙක් ජනප්‍රිය වූ ජපන් කතාත්, චීන කතාත් ආක්‍රමණය කර මෙරට පාසල් දරුවන් අතරත්, බාල මහලු කාගේත් සිත දිනා ගත් ඒ සමනල ටෙලි අන්දරය අන් කවරක් නොව මේ දිනවල විකාශය වන ‘Boys Over Flowers ’ ය. සෑම සතියේ දිනකම රාත්‍රී 8.30 ට දෙරණ ටී. වී. ඔස්සේ සිංහල හඬ කැවීම් මුසුව ප්‍රේක්ෂක ඔබ හමුවට එන බෝයිස් ඕව(ර්) ෆ්වල්ස් ටෙලි කතා මාලාව රටවල් විසි පහකට අධික රසික ප්‍රතිචාර මැද ආසියාවේ වැඩිම පිරිසක් නැරඹූ කතාවකි. සුපිරි පැලැන්තියට හිමි ෂින්වා උසස් පාසලේ පෝසත් ළමුන් අතර Jan Di කිසිවක් නොලද දිළිඳු අසරණ ළමයෙකු පමණි. පෝසත් ළමුන් මෙන් යාන වාහන, මිල අධික ඇඳුම් පැළඳුම්, පොත්පත් ඇයට තිබුණේ නැත. ඇය සතු එකම දෙය පෝසත් ළමුන් තුළ නැති අවංක මිත්‍රත්වය ආදරය පිරි නොකිළිටි මනුෂ්‍යත්වය පමණි. පාසලේ අමුත්තියක වන Jan Di බොහෝ විට ධනවත්, රූමත් ළමුන්ගේ උසුළු විසුළුවලට, තාඩන පීඩනවලට ලක් වේ. කෙතරම් අපහාස, උපහාස කළත් ඉන් පරාජය වී දිවීමට නොව අභියෝග මැද ඉදිරියටම යෑමට Jan Di ට හිමි ශක්තිය ධනවත් ළමුන්ගේ ආර්ථිකයටත් නොදෙවෙනිය. ෂින්වා පාසල පුරා තම බලපරාක්‍රමය විහිදූ අතිශය කඩවසම්, උද්ධච්ච ගති පිරි දඩබ්බර සිව් මිතුරන් නම්. Gu Jun Pyo, Yoon Ji-Hoo, So Yi-Jeong හා Song Woo-Bin යන මිතුරන් සිව් දෙනාගේ අණට පාසලේ කවුරුත් කීකරු විය යුතුමය. එහි නායක Gu Jun Pyo ගේ ඉහළින් කුරුල්ලෙකු ඉඟිළී ගිය ද එය ඒ කුරුල්ලාගේ අවසානය වනු නොඅනුමානය. ඒ තරමටම හිතුවක්කාර ගති ඇති F4 කණ්ඩායමේ අලුත්ම සුරතලිය Jan Di. විටෙක ඇය Gu-Jun-Pyo හමුවේ නොයෙකුත් හිරිහැරවලට ලක් වේ. හාස්‍යයට ලක් වේ. නැතිනම් ඇයට ඉසිලිය නොහැකි දඬුවමක් ලැබේ. ධනයෙන්, බලයෙන් ඉදිමුණු දඩබ්බර, වහා කිපෙන සුළු Gu-Jun-Pyo පසුපස කෙතරම් රූමත් තරුණියන් ආවද ඔවුන් ගණනකට නොගත් ඔහු තමාට මෙල්ල නොවූ පාසලේ එකම චරිතය වන Jan Dii ට හදවතින්ම ප්‍රිය කරයි. කිසි දිනෙක තරුණියන් ප්‍රිය නොකළ ඔහු ඇයට කෙතරම් හිරිහැර කළ ද අවසානයේ ඇගේ සෙනෙහස පතා ඇය පසුපසම පැමිණේ. Gu Jun Pyo ගේ තාඩන පීඩන හමුවේ Jan Di ළං වනුයේ F4 කණ්ඩායමේ සාමාජික ධනකුවේර Ji Hoo වෙතටයි. ඇය අසරණ වූ සෑම විටම ඇයට උපකාර කළ ඔහු ද ඇගේ සෙනෙහස ප්‍රාර්ථනා කරයි. කෙතරම් වධ හිංසා කළත් Ji Hoo සේම Gu Jun Pyo ද ප්‍රේමය වඩන Jan Di ඔවුන් දෙදෙනාගේ ආදරය මැද අතරමං වේ. සුප්‍රසිද්ධ ධනවතුන් ඉගෙන ගන්නා ෂින්වා උසස් පාසලේ අනාගත අයිතිකරු Gu Jun Pyo ය. රටවල් රැසක ව්‍යාපාර හිමි ඔහු ඒ සියල්ලේ අනාගත භාරකරුය. තම මවගේ බලපෑම මත ව්‍යාපාරවල සිරවන Gu Jun Pyo ගේ හිස මත මිලියන ගණනක රැකියාලාභීන්ගේ පවුල් බර වැටී තිබුණි. ඔහු තම ව්‍යාපාර අතර සැරිසරනුයේ මේ වගකීම් සියල්ල කරට ගෙන Jan di ගේ මතකය සිතේ ගුලි කරගෙනයි. කොරියාවෙන් පැරිසියට යන ඔහුට තම අනාගත බිරිඳ මවගේ යෝජනාව මත හමුවේ. සුප්‍රසිද්ධ සමාගමක හිමිකාරිය වන ඇය සමඟ අතිනත ගැනීමට Gu Jun Pyo ට මව බල කරයි. එහෙත් ඔහුගේ සහෝදරියත්, අත්තම්මාත්, මිතුරනුත් ඔහුගේ ප්‍රථම ප්‍රේමය ජය ගැනීමට සහාය වේ. ඒ නිසා වරෙක Jan di , GuJun Pyo ගේ පෞද්ගලික මෙහෙකාරිය වේ. විටෙක ඔවුන් හිම සෙල්ලම් කිරීමට යති. රෑ එළි වන තුරු නගරයේ ඇවිදිති. නැතිනම් Gu Jun, Pyo, Jan Di ගේ නිවසේ පවුලේ උදවිය සමඟ විනෝද වෙති. මෙවැනි සොඳුරු අත්දැකීම් රැසක් රැගෙන විකාශය වන Boys Over Flowers ටෙලි කතාව දෙස් විදෙස් සම්මාන පහළොවකට අධික ප්‍රමාණයක් හිමි කරගෙන ඇත. yoon Ji Ryon ලියූ Ki Sang අධ්‍යක්ෂණය කළ මෙම ටෙලි කතාවට ජපන් කතුවර Kamio Yako ගේ ඉහළම අලෙවියක් වාර්තා කළ හාස්‍ය මුසු Shojo Manga Series කෘතිය පාදක වී තිබේ. මෙහි ප්‍රධාන චරිතය රඟන Ku Hye-son (Geum Jan – di) දකුණු කොරියාවේ ප්‍රකට නිළියක, ගායිකාවක මෙන්ම අධ්යක්ෂවරියක ද වේ. ‘Pure in Heart’, ‘Angel Eyes’ ටෙලි නාට්‍යවල් හරහා ජනාදරයට පත් ඇය මෙම නාට්‍ය වෙනුවෙන් KBS Drama Awards හි හොඳම යුවළට හිමි සම්මානය ජයග්‍රහණය කළාය. Boys Over Flowers හි ප්‍රධාන නළු Lee Min Hoo (Gu Jun Pyo ) ද දකුණු කොරියාවේ ගායකයෙක් මෙන්ම මෝස්තර නිරූපණ ශිල්පියෙකි. දෙස් විදෙස් තරුණියන්ගේ ආදරයට බඳුන් වූ ඔහු ‘City Hunter’, ‘The Heirs’, ‘Personal Taste’ ටෙලි නාට්‍ය හරහා ජනප්‍රිය වුණි. දකුණු කොරියාවේ සුප්‍රසිද්ධ Boy Band සංගීත කණ්ඩායමේ නායක රැප් ගායන ශිල්පී Kim Hyon Joong (Yoo Ji-Hoo) මෙහි එන සිව් මිතුරන් අතර Jan di ට සමීපතම මිතුරායි. මාධ්‍ය සාකච්ඡාවකදී වරෙක ඔහු ප්‍රකාශ කළේ Boys Over Floers හි තමන්ගේ පළමු පෙම්වතිය වන Han Chae – Yong සිපගත් අවස්ථාව තමාට වඩාත් දැනුණු සහ ජීවිතේ අමතක නොවන දිනයක් බවයි. දකුණු කොරියාවේ මැචෙයු හා නිව් කැලෙඩෝනියා ප්‍රාන්තවල රූගත කළ Boys Over Flowers කතා මාලාව Group 8 ආයතනයේ නිෂ්පාදනයකි. 2009 වසරේදී 45 වැනි Baeksang Arts Awards හි හොඳම නළුවා සම්මානයත් එම වසරේදීම 14 වැනි ඒෂියන් ටෙලිවිෂන් එවෝඩ්ස් හි හොඳම නළුවාට නිර්දේශ වීමටත් lee Min Hoo (Gu Jun Pyo ) චරිතය සමත් වුණි. ෂින්වා උසස් පාසාලේ Ji-Hoo හා Gu Jun Pyo ගේ ආදරයට මැදි වූ අසරණ Jandi ගේ ප්‍රේමය පිළිබඳ රසබර සිදුවීම් පිරුණු Boys Over Flowers මෙරට ප්‍රේක්ෂකයන් අතරට ගෙන එනුයේ දෙරණ ටී. වී. හඬ කැවීම් අංශයයි. දිලාන් සේනානායකගේ දෙබස් සැකසුමෙන්, චමිත් විජේසිංහගේ පරිවර්තනයත්, හසුන් කුමානායකගේ සංස්කරණයෙන් හැඩවන මෙම ආදර අන්දරය ගීතවත් වනුයේ ගයානි කෞෂල්යාගෙනි. ප්‍රේක්ෂක හද අනුකම්පාව දිනූ හිතුවක්කාර Geom Jun di ට හඬ මුසු කරනුයේ ටනාකා තාරකීය. දඩබ්බර වූත් ආදරබර වූත් Gu Jun Pyo ට පණ පොවනුයේ ඉසුරු ලොකු හෙට්ටිආරච්චිය. සංවේදී සෙනෙහෙබර Ji-hoo ගේ හඬ ඩිෂාන් ශාම්න්දගේය. So Yi Jeong පසිඳු සමරවීරගේද, Song woo-bim සමීර ගුණතිලකගේ ද හඬින් වර්ණවත් වේ. පාසල් සමයේ යොවුන් ප්‍රේමයට ධනය බලය ඇවැසි නැත. ඔවුන් සොයනුයේ සමනළ වසන්තයයි. තාරුණ්‍යයේ සොඳුරු චමත්කාරය පිරි ප්‍රේමයයි. එබැවින් මේ දිනවල උණුසුම් ප්‍රතිචාර මැද විකාශය වන ධනකුවේර Gu Jun Pyo ගේත්, දිළිඳු අසරණ G eum Jan di ගේත් සුන්දර ආදර අන්දරය පිරි Boys Over Flowers කොරියන් ටෙලි කතා මාලාව ලාංකේය රසිකයන් අතර නොමැකෙන ආදර සිතුවමක් වනු නොඅනුමානය.
|