දම්පල් චරිතය ධර්මපාල උදානයට මාලිනී, මහේන්ද්‍ර, ඩග්ලස්, බුද්ධි එක්වෙයි
දම්පල් චරිතය ධර්මපාල උදානයට
මාලිනී, මහේන්ද්‍ර, ඩග්ලස්, බුද්ධි එක්වෙයි
සනත් අබේසේකරගේ ශ්‍රීමත් අනගාරික ධර්මපාල ශ්‍රීමතාණෝ සිනමාපටය තිරගත වෙද්දී
ධර්මපාලතුමන්ගේ චරිතාපදානය ඇසුරෙන් තැනෙන තවත් සිනමාපටයක මුහුරත් උළෙල පසුගිය
අඟහරුවාදා උදෑසන කොළඹ මහබෝධි සංගමයේ ශ්‍රවණාගාරයේදී පැවැත්විණ.
ශ්‍රීමත් අනගාරික ධර්මපාල උදානය ලෙස නම් කොට ඇති එය සුමිත් ගල්හේනගේ අධ්‍යක්ෂණයකි.
ජපානයේ ප්‍රධාන සංඝ නායක මහාබෝධි සංගමයේ සභාපති පූජ්‍ය බානගල උපතිස්ස නා හිමියන්
ප්රමුඛ නිෂ්පාදන මණ්ඩලයක් මඟින් නිෂ්පාදනය කරන මෙහි තිර රචනය සෝමවීර සේනානායකගෙනි.
මාලිනී ෆොන්සේකා, මහේන්ද්‍ර පෙරේරා, බුද්ධදාස විතානාච්චි, ඩග්ලස් රණසිංහ, හයසින්ත්
විජේරත්න, රන්ජිත් රුබසිංහ, කපිල සිගේරා ඇතුළු පිරිස මෙහි රංගන දායකත්වය සපයති.
ඩොනල්ඩ් කරුණාරත්න කැමරාව මෙහෙයවයි. ආචාර්ය වික්ටර් රත්නායකගේ සංගීත අධ්‍යක්ෂණයකි.
වසන්ත විට්ටච්චි අංග රචනයෙන් ද, ලලිත් ධර්මවර්ධන කොණ්ඩා සැකසුමෙන් ද, මහාචාර්ය
රම්‍යවර්ධන පොඩිනිලමේ කලා අධ්‍යක්ෂණයෙන් ද, සිසිර හෙට්ටිආරච්චි නිෂ්පාදන විධානයෙන්
ද මෙයට එක් වෙති.
මෙරටින් මෙන්ම ජපානයේ සහ ඉන්දියාවේ නළු නිළියන් රැසක් අනගාරික ධර්මපාල උදානය
රංගනයෙන් හැඩ කරති.
- ප්‍රසාද්
|