|
අපි රජ ඉබ්බෝනින්ජා ටර්ටල්ස් (Teaenage Mutant Ninja Turtles) නින්ජා ටර්ටල්ස් කතා මාලාව අපේ රටේ ජනප්‍රිය වූයේ ‘අපි රජ ඉබ්බෝ’ යනුවෙනි. කුඩා දරුවන් මෙන්ම වැඩිහිටියන් අතරත් මේ දිනවල ජනප්‍රිය චිත්‍රපටයක් වන ඩී. එම්. එන්. ටී. ත්‍රිමාන චිත්‍රපටයකි. මේගන් ෆොක්ස්, විලියම් ෆිට්නර්, වුපි ගෝල්ඩ්බර්ග්, ඇලන් රිච්සන්, පීටර් පොලොස්කි, ජෙරමි හෝවාඩ්, මැඩිසන් මේසන් රඟන නින්ජා ටර්ටල්ස් චිත්‍රපටය මේ දිනවල ශ්‍රී ලංකාවේ ද තිරගත වන චිත්රපටයයකි. ජොනතන් ලිඕස්මන් අධ්‍යක්ෂණය කළ නින්ජා ටර්ටල්ස් බටහිර සිනමාවේ දක්ෂ අධ්යක්ෂවරයකු, නිෂ්පාදකයකු මෙන්ම නළුවකු ද වන මයිකල් බේ නිෂ්පාදනය කළේය. සම නිෂ්පාදනය ඩෙනිස් නීල් ස්ටුවර්ට් ගෙනි.
ජීවිතයට මිනිත්තු 90 යිදි ඇන්ග්රිරියස්ට් මෑන් ඉන් බෲක්ලින් (The Angriest Man in Brooklyn) සමහරුන්ට නරක දවස් එන්නේ ඉඳහිටය. එහෙත් හෙන්රි ඕල්ට්මාන්ට සෑම දවසක්ම නරකය. ඔහු සෑම විටම අවට ලෝකයාත් සමඟ තරහකින් සහ අසතුටකින් ජීවත් වෙයි. දිනක් ඔහු වෛද්‍යවරයා හමුවීමට ගිය විට ඇය පවසනුයේ හෙන්රිට මොළයේ ආබාධයක් ඇති බවත්, ජිවත්වීමට ඇත්තේ විනාඩි 90 ක් බවත්ය. මෙය අසන හෙන්රි වෛද්‍යවරයාට බැණ වැදී එම ස්ථානයෙන් පිටව යයි. ඔහු පිට වූ බව දැනගත් වෛද්‍යවරිය ඔහු සෙවීමේදී සිදු වන හාස්‍ය මෙම චිිත්‍රපටයේ කතා වස්තුව වී ඇත.
ජනප්‍රිය නළු රොබින් විලියම්ස් සමග මීලා කුනිස්, පීටර් ඩින්ක්ලේජ්, මිලිස්සා ලියෝ
ඇතුළු නළු නිළියන් රැසක් රඟන මෙම හාස්‍යමය චිත්‍රපටය පිල් ඇඩම් රොබින්සන්ගේ
අධ්‍යක්ෂණයකි. කතාවක් නැති කතාවක්කතායි තිරකතායි වාසනම් ලයක්කම් (Kathai Thiraikathai Vasanam Lyakkam) කතාවක් නැති චිත්‍රපටයක් යන තේමාව යටතේ වෙළඳපලට නිකුත් වී ඇති කතායි තිරකතායි වාසනම් ලයක්කම් චිත්‍රපටය ප්‍රකට සිනමාකරුවකු වන ඒ. ආර්. මුරුගදාස් ගේ අධ්‍යක්ෂණයකි. ගජිනි, හොලිඩේ වැනි චිත්‍රපට නිර්මාණය කළේ ද මුරුගදාස්ය. සන්තෝෂ් ප්‍රතාප්, අකිලා කිෂෝර්, දිනේෂ් නඩරාජන්, ලල්ලු ප්‍රසාත්, නම්බි රාමයියා, සැන්ඩ්‍රා අමි, විජේ රාඕ රංගනයෙන් දායක වන මෙම ද්‍රවිඩ චිත්‍රපටය බයිස්කෝප් ෆිල්ම් මේකර්ස් වෙනුවෙන් ආර්. ප්රතීපන් නිෂ්පාදනය කර ඇත. අලුත්ම දෙමළ චිත්රපටයපප්පලි (Pappali) මේ සතියේ නිකුත් වී ඇති තවත් නවතම ද්‍රවිඩ චිත්‍රපටයක් වනුයේ පප්පලිය.
සෙන් නිල්, ඉෂාරා ජෙගන් රඟන මෙය රජීව් මෙනන් සංගීතවත් කර ඇත. ආර්. ගෝවින්ස් මූර්ති
පප්පලි අධ්යක්ෂවරයායි. කුලී මිනීමරුවකු වටා
බෑඩ් කන්ට්‍රි (Bad Country) කුලී මිනීමරුවකු වන ජේසි වේලන්ඩ් බන්ධනාගාරගත වෙයි. ඒ සමඟ ඔහුගේ පවුලම විනාශ වෙයි. මේ නිසා ඇතිවන සිදුවීම් පෙළ බෑඩ් කන්ට්‍රි චිත්‍රපටයට තේමා වී ඇත. ක්‍රිස් බ්රින්කර් අධ්‍යක්ෂණය කළ බෑඩ් කන්ට්‍රි චිත්‍රපටයේ මැට් ඩිලෝන්, ඇමි ස්මාර්ට්, ටොච් බර්ගනර්, නීල් මැක්ඩොසෙස් ඇතුළු නළු නිළියන් රැසක් බෑඩ් කන්ට්‍රි චිත්‍රපටයට රංගනයෙන් දායක වී ඇත.
ශෂි - මොරින් රඟනසාගර තිළිණ සිංහල සිනමා ප්රේක්ෂකයනට මේ දිනවල ලබා ගත හැකි ඩී. වී. ඩී. පටයකි සාගර තිළිණ චිත්‍රපටය. ප්‍රවීණ කැමරා ශිල්පී එම්. ඒ. ගෆූර් නිෂ්පාදනය කර අධ්‍යක්ෂණය කළ සාගර තිළිණ චිත්‍රපටයේ විජය කුමාරතුංගයන් ගැයූ රැල්ලෙන් රැල්ලට ගීතය ද ඇතුළත්ය. ශෂි විජේන්ද්‍ර, මොරින් චාරුණි, ෆ්‍රෙඩී සිල්වා, රෝයි ද සිල්වා, ටෙනිසන් කුරේ, මාක් සැම්සන්, ලක්මාල් ෆොන්සේකා, තලතා ගුණසේකර, මහේෂ් ජයසිංහ ඇතුළු ජනප්‍රිය නළු නිළියන් රැසක් රඟන සාගර තිළිණ හාස්‍යමය ආදර පුවතක් රැගත් ජනප්‍රිය සිංහල චිත්‍රපටයකි.
ඩී. වී. ඩී. අනුග්රහයනීරෝ සී. ඩී. හවුස් මල්වත්ත පාර. |