වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




F E E D B A C K

F E E D B A C K

ප්‍රතිචාර ක්ෂණිකව 0752805047 තැපැල් හෝ සටහන් පත් මඟින් නම්, ප්‍රතිචාර, සරසවිය, ලේක්හවුස්, කොළඹ 10.

එපමණක් ද නොව www.sarasaviya.lk  යන වෙබ් පිටුව හරහා ද ප්‍රතිචාර දැක් විය හැකිය.

සායම් කිරිල්ලි අහන්න ආසයි

තීක්ෂණ අනුරාධගේ සායම් කිරිල්ලි ගීය මට නම් අහගෙන ඉන්න හරිම ආසයි. පද රචනය, තනුව, සංගීතය සමඟ ඔහු කටහඬ ඉතා ළයාන්විතව හසුරුවා තිබේ.

මැණිකේ විල්වල

කෑගල්ල

ආචාර්ය රවීන්ද්‍ර

කළුදිය දහර සිනමාපටයෙන් තිරයට පැමිණි ඔබ රංගන කුසලතා මැනවින් ඉදිරිපත් කළ රංගනවේදියයි. එම නිසා ඔබට ආචාර්ය පදවියකින් පිදුම් ලැබීම සුදුස්සාට සුදුසු තැන ලැබීමකි.

ඊ. දයානන්ද ද සිල්වා

හික්කඩුව

ටී. වී. හිසරදය

රූපවාහිනී නාලිකා ඒවා නරඹන අයට එකිනෙකා පරයන ලෙස රන් පවුම්, ටී. වී. ආදිය දෙති. එය රසික අපට නම් මහත් හිසරදයකි. රසිකයින්ට කැමැති නාලිකාවක කැමැති ටෙලියක් බලන්න ඉඩ ලබා දෙන මෙන් එම නාලිකා ප්‍රධානීන්ගේ අප ඉල්ලා සිටිමු.

උදයන්ත සිරිසේන

රුවන්වැල්ල

ඇන්ඩෲ

මීගමුව ඒත්තුකාලය නම් සුන්දර සංචාරක පුරවරයේ පදිංචිව සිටින අතරේ කලා කටයුතු හේතුවෙන් වැඩි කාලයක් කොළොම්පුරයේ විසූ ඇන්ඩෲ ජයමාන්නයන් හරවත් සිනමාවක් ගොඩ නැඟීම උදෙසා සිය කැමරා ඇසින් දායකත්වය ලබා දුන් කැමරා ශිල්පියෙකි. ඔබ දුටු දා චිත්‍රපටයෙන් ක්ෂේත්‍රයට පිවිසි ඔහු හාරලක්ෂය, මරුවා සමග වාසේ, පළඟැටියෝ ඇතුළු සිනමාපට රැසක කැමරාවෙන් දස්කම් පෑවේය. හොඳම කැමරා අධ්‍යක්ෂ වශයෙන් හඳයා, තුන්වැනි යාමය, මංගල තෑග්ග, සිරි මැදුර යන චිත්‍රපට සඳහා සම්මාන දිනාගත් ඔහු ගමේ විත්ති නමින් කෝපි කඩේ ආරම්භ කිරීමේ පුරෝගාමියා ද විය. ඔහු මට හමු වූ අවස්ථාවකදී කතා කළේ ද සිංහල සිනමාවේ අර්බුදය ගැනය. ඔහු රට හැර යාමට එය හේතුවක් විය.

ඩබ්ලිව්. ලෙනාඩ් ප්‍රනාන්දු

දූනගහ

අප අතරින් වියෝ වූ බන්දුල විතානගේ සූරීන්ට නිවන් සැප ලැබේවා.

අයිලීන් සෝවිස්

රාගම

මේ දෑස් කුමටද

සිංහල වංශ කතාවේ ඛේදජනක සිද්ධිය සිහි ගැන්වෙන එම යුගයට අපව කැන්දාගෙන යන ඇහැළේපොළ කුමාරිහාමි චිත්‍රපටය නොබලන දෑස කුමටද?

සුනිල් චන්ද්‍රසේකර

කොටුගොඩ

රූකා ලංකාවේ ඉන්න

‘රූසඳ රෑ’ රූකාන්ත ගුණතිලකයන්ගේ විශිෂ්ට ප්‍රසංගයක් බව කිව යුතුය. චන්ද්‍රලේඛ පෙරේරාගේ අර්ථවත් ගී මෙන් රූකාන්තගේ ජනප්‍රිය ගී මෙහිදී ගයනු ලබයි. එම ප්‍රසංගයේදී රූකා ලේඛාගේ දියණියන් දෙදෙනා ද මෑණියන්ගේ අඩි පාරේ යමින් ඉතා දක්ෂ ලෙස ගී ගයනු දැකිය හැකි විය. රූකාන්ත ඔබ දිගටම ලංකාවේම රැඳෙන්න.

ක්ලෝඩ් ද ලිවේරා

නාලනී ද ලිවේරා

මීගමුව

උත්තරීතර වැඩ සටහනට

මියගියාට පසු කරන ඇගයීම් වෙනුවට ජීවතුන් අතර සිටියදී තමන්ගේ දක්ෂකම් සියැසින්ම දැක බලා ගැනීමට සලසමින් පැරැණි උතුම් කලාකරුවන්ගේ හදවතට මෙමඟින් ලබා දෙන සතුට ඇත්තටම උත්තරීතර වේ. හිරු නාලිකාවෙන් සිදුවන ඒ ඇගයීම ඇත්තටම අගය කළ යුතුය. මෙවැනි වැඩ සටහනක් ගැන මාගේ ප්‍රසාදය හිරු නාලිකාවට හිමි වේ.

රංජනී අමරසිංහ

වල්පොළ

මේ දෑස් කුමටද

සිංහල වංශ කතාවේ ඛේදජනක සිද්ධිය සිහි ගැන්වෙන එම යුගයට අපව කැන්දාගෙන යන ඇහැළේපොළ කුමාරිහාමි චිත්‍රපටය නොබලන දෑස කුමටද?

සුනිල් චන්ද්‍රසේකර

කොටුගොඩ

ළසඳුනී සංවේදියි

ජාතික නාලිකාවෙන් විකාශය වූ ඉසිවර වෙදදුරු අප ඉතා ආසාවෙන් නැරැඹූ කතා පුවතකි. එහි ප්‍රධාන යුවළ (පෙක් වෙදැදුරු සහ ජිංයොං හෙදිය) වෙනුවෙන් හඬ ලබා දුන් සම්පත් - ළසඳුනී දෙදෙනාගේ හඬ කැවීම් අගය කරමි. නැවතත් ඔබ දෙපොළගේ හඬවල් සිහින කුමරා තුළින් රස වින්දෙමු. සම්පත්ව අති දක්ෂ ප්‍රවෘත්ති නිවේදකයකු ලෙස අප හඳුනාගෙන සිටිමු. එමෙන්ම පසුකාලීනව ඔබ හඬ කැවීමට යොමු වීම සතුටකි. මෑත භාගයේදී බිහි වූ වඩාත් එඩිතර මෙන්ම සංවේදී කාන්තා කටහඬ ලෙස අප දකින්නේ ළසඳුනීගේ හඬයි. ඔබ දෙපොළටම සුබ පතන්නෙමු.

සමන්ත විජේසේකර

ප්‍රියන්ත විජේසේකර

ජම්බුගස්මුල්ල

නුගේගොඩ

මේකත් හේතුවක්

එක්දහස් නවසිය හතලිස් හතේදී ඇරැඹි සිංහල සිනමාවේ හැටේ දශකය පමණ වනතුරු අවුරුද්දකට තිරගත වූයේ ඉතාම අඩු චිත්‍රපට ප්‍රමාණයකි. නමුත් ඒවාට ඉහළ ප්‍රතිචාර ලැබුණි. එයට හේතුව වූයේ ඉහළ ප්‍රචාරයයි.

නිෂ්පාදක සමාගම මෙන්ම සිනමා ශාලා මඟින් ද මේ ප්‍රචාරය ලබා දීම සිදු විය. මාස ගණනකට පෙර සිට පුවත්පත් දැන්වීම් පළ විය. චිත්‍රපටය ප්‍රදර්ශනය ඇරැඹුණු විට මුද්‍රිත පත්‍රිකා බෙදමින් ශබ්දවාහිනී රැගත් වාහන ගම් නගරවල ධාවනය විය. චිත්‍රපටය ප්‍රදර්ශනය වන විට එහි දෙබස් ගීත පිට පෝලිම්වල සිටින අයට ඇසෙන පරිදි ශබ්ද පිටට ප්‍රචාරය විය. නරඹන්නන් සිනමා ශාලාවට ඇදී එන්නට එය ප්‍රභල හේතුවක් විය.

එස්. කේ. ජයවර්ධන

වත්තේගම හිටපු කළාප

අධ්‍යාපන අධ්‍යක්ෂ

ගිරිකුළ මුතු මැණිකේ

කාන්චනා මෙන්ඩිස් ගිරිකුළ නාට්‍යයේ මුතු මැණිකාගේ චරිතය ඉතා ප්‍රබල අයුරින් නිරූපණය කරයි. එම චරිතයේ ඇති කටුක බව ඔබගේ මුහුණේ ඉරියව් මඟින් හොඳට පෙනේ. මුතු මැණිකා මෑතකාලීනව මම ඇයගෙන් දුටු හොඳම රංගනයයි.

කාවින්ද රශ්මික සිල්වා

මල්ලහැව

කාවිංග පෙරේරා කලින් ගොඩක් හොඳ ලොකු පොඩි හැම කෙනෙක් එක්කම කතාබහ කරලා හිටපු කෙනෙක්. ඒත් දැන් එයා ගොඩක් ආඩම්ර වෙලා කියලා අපට දැනෙනවා. මිනිස්සුන්ව පේන්නෙත් නැහැ.
 

බගී නුවරඑළිය

ආදරණීය බන්දු අයියේ,

මං මුලින්ම ටෙලි නාට්‍යයක් කරනවා කියපු වෙලාවේ ඔබ දුන් උපදෙස් මට අද වගේ මතකයි. මගේ කලා ගමනට ඔබ ලොකු ශක්තියක් වුණා. එහෙත් අද බන්දු අයියා නැහැ කියලා දැනගත්තාම දැනෙන වේදනාව අපමණයි. බන්දුල විතානගේ යන ඒ නාමය සදාකාලිකයි කියලා මට හිතෙනවා.

ඩෝෂන් බාලගේ

ටෙලි නාට්‍ය නිනෂ්පාදක
 

මුල්ලේරියාව නව නගරය

සිරස නාලිකාවෙන් විකාශය වන මේ ආදරයයි ඇත්තටම ආදරේ හිතෙන කතාවක්.

හේමා

වල්පොළ

* * * * * * * * * * * * * * * * * * * * * * * * * *

S.M.S

මේ දිනවල තිරගත වන ඇහැළේපොළ කුමාරිහාමි සිනමාපටය ලංකාවටම ආදර්ශයක් ගෙන දෙන සිනමාපටයකි.

යූ. ජී. පාලිත කුමාරසිංහ

ගඩලාදෙණිය

සුපර්ස්ටාර් ප්‍රදීප් රංගනගේ පෙම් සිහිනේ සිංදුව මරේ මරු.

ආශා

කුරුණෑගල

රංගන අයියේ ඔයා කොෆි චැට් වැඩසටහන ලස්සනට කරනවා. පුළුවන් නම් සන්ෆ්ලවර් බෑන්ඩ් එකේ පරණ සෙට් එක වැඩසටහනට ගෙන්වන්නකෝ.

චතුරංග සම්පත්

තුන්තැන

සිංහල සිනමාවේ දඟකාරිය දිල්හානි අශෝකමාලා පුංචි තිරයේ අහිංසකාවිය නිල්මිණි තෙන්නකෝන්, ඔබ දෙපොළගේ රංගනය ඉතාමත් තාත්ත්වික ලෙස නිරූපණය කරනවා.

මාලිංග සඳරුවන්

ගම්පහ

ගාමිණී ෆොන්සේකා යනු කිසි කලෙක පරසතු මලක් නොවූ හෙළ සිනමාවේ නොමියෙන මිනිසාය. අපේ සිනමාවේ අවසන් වීරයා ගාමිණීය. ඔහු වියෝ වි වසර දහයක් ගත වුණු ද සැමදා අප හදවත් තුළ ජීවත් වේ.

ආනන්ද වික්‍රමආරච්චි

ඉහළ තල්දූව

අවසානයේ දුක කුතුහලය ඇති කරමින් වරාමලී නිමා වූවේය.

රත්න කහඳව

අලව්ව

උමාලි තිලකරත්න අපේ රටේ සිනමාවේ මෙන්ම විදෙස් සිනමාවේ ද දිගු ගමනක් යන බව නිසැකයි. ඒ සඳහා සාරංගගේ මග පෙන්වීම ඉවහල් වනු ඇත.

හර්ෂනාථ බණ්ඩාර

නිකවැරටිය

නිපුණිකා හේවගමගේ තමයි දැන් පුංචි තරයේ ඉන්න හුරුබුහුටිම නිළිය.

මධුෂිකා සඳරුවනි

කඩුවෙල

වර්තමානයේදී ගායන ලොවට පිවිසීමට කොතෙක් අවස්ථාවන් තිබුණ ද තමාගේම යැයි කිව හැකි නිර්මාණවලින් රටක් දිනා ගත් ළමා පිරිසක් බිහි වූයේ නැත. කලකට ඉහත ශිරෝමාලා, පේෂලා මෙන්ඩිස් වැනි අය ගැයූ ගීත යළි යළිත් ඇසුනා මිසක නව ළමා ගී ඇසුණේ නැත. රුවන් ශ්‍රීලාල්ගෙන් පසු ගායන ලොවේ ජනප්‍රිය නමක් තිබූවෙක් බිහි නොවූ තරම්ය.

ඈන් නිලන්ති ප්‍රදීපිකා

වයික්කාල

මම නම් අකැමැතිම ගායිකාව ජින්ජර්. එයා වේදිකාවට ආවම සිංදු කියන්නේ ආචාර පෙළපාලියකට සහභාගි වෙනවා වගේ. මේවා දැකලා පිරිමි අපට ඇඬෙනවා තනි ඇහැට.

මධුසංක

කළුතර

දෙරණ ඩ්‍රීම්ස්ටාර් තුළින් මතු වූ දඟකාර ලහිරු අයියේ. කවුරුන් කොහොම කිව්වත් ඔයා රඟපාන්න එන්න එපා. ඔයා සංගීතයෙන්ම ඉදිරියට යන්න. රඟපාන්න ආවාම හැමදාම ඔයාව පුංචි තිරෙන් අපට පෙනිලා ඔයාව එපා වේවි.

අප්සරා

මාතර

හින්දි ගීත කොපි කර සිංහල සිංදු නිර්මාණය කිරීමේ කලාවක් පැවතුණා. ඒ ගීත ඉතාම මිහිරියි. නැවතත් එවන් වූ ගීත අහන්න ආසයි.

සංජීව

ඇල්පිටිවල

උද්දික අයියේ, ඔයා ගොඩක් ටැලන්ට් ඇක්ටර් කෙනෙක්. මුතුපලසේ වගේම ස්නේහාවලත් ඔයා සුපිරියටම රඟපානවා. ඒ වගේම කළුඅරලියා නාට්‍යයේ ඉන්නේ ඔයා ද කියලා මට හිතාගන්න බැහැ. ඒ තරම්ම ඔබේ චරිතය වෙනස්ම ආරක් තියෙනවා.

මල්ෂා

මතුගම

වෙසක් කාලයට විතරක් මතක් වෙන මොහිදින් බෙග් මාස්ටර් නමින් මාවතක් නම් කරන්න.

නිල්මිණි

වත්තෙගෙදර

අර්ජුන කමලනාත් ඇයි නිහඬ. ඔබේ දෙවැනි සිනමාපටය එනතුරු අප බලා සිටිමු.

මහේෂ්

අරංගල

සේනානායක වේරලියද්දගේ පැරැණි ගීත තරම් අලුත් ගීත ලස්සන නැහැ. අපට ආස ඔහුගේ පැරැණි ශෛලියේ ගීත අහන්න.

නිමල් දයාරත්න

කපුකොටුව

නිමන්ති පෝරගේ ගේ පුතු රංගනයට එවීම සතුටක්. ඒ වගේම දිනේෂ් ප්‍රියසාද්ගේ දියණියන් තිදෙනාම කලාවට දායාද කිරීම පිළිබඳ තුති පුදමි. අන්න ආදර්ශවත් මව්පියෝ.

ලක්මාලි

වරකපොල