වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




ඇහැළේපොළ කුමාරිහාමිට දින පනහයි 20 වැනිදා විශේෂ උත්සව රැසක්

ඇහැළේපොළ කුමාරිහාමිට දින පනහයි 20 වැනිදා විශේෂ උත්සව රැසක්

අති සාර්ථක ලෙස සිනමා ශාලා 45ක තිරගත වන “ඇහැළේපොළ කුමාරිහාමි” චිත්‍රපටය හෙට විජයග්‍රාහී 50 වැනි දිනය සමරයි. මේ වන විට ලක්ෂ 850ක ආදායමක් උපයා ඇති මෙම චිත්‍රපටය තවදුරටත් පාසල් දර්ශන සඳහා වැඩි ඉල්ලුමක් පවතින බව නිෂ්පාදක ගයාන් රණධීර පවසයි.

50 වැනි දිනය සමරමින් විශේෂ වැඩසටහනක් දියත් කිරීමට “ඇහැළේපොළ කුමාරිහාමි” කණ්ඩායම සැලසුම් කර තිබේ. ඒ අනුව 20 වැනි සෙනසුරාදා පෙ.ව.10.30ට “ඇහැළේපොළ කුමාරිහාමි” රංගන පිළිවෙළ රැගත් කණ්ඩායම නුගේගොඩ “ක්වින්ලන්” සිනමාශාලාවට ළඟාවීමට නියමිතය. ඉන් අනතුරුව එදින ප.ව.1.30 දර්ශනය සඳහා දළුගම “කන්ට්‍රාස්” සිනමා ශාලාවටත්, කඩවත “නිකාඩෝ” සිනමා ශාලාවටත් පිරිස පැමිණෙති. රාජගිරිය “ඉන්පාලා” සිනමා ශාලාවේදී පස්වරු 4.30 දර්ශනය සදහා නළු - නිළි පිරිස සහභාගී වීමට නියමිත අතර රාත්‍රී7.00 දර්ශනය සඳහා ඔවුන් කොල්ලුපිටිය “ලිබර්ටි” සිනමා ශාලාවට ළඟාවෙයි. මෙදින සිනමා ශාලාවට පැමිණෙන ප්‍රේක්ෂකයන්ට මද්දුම බණ්ඩාර ඇතුළු නළු - නිළි පිරිසගේ අත්සනෙන් යුත් සමරුවක් ලබාදීමට සංවිධායක මණ්ඩලය සැලසුම් කර ඇති බව තව දුරටත් ගයාන් රණධීර පැවසීය.