|
එහෙනම් කියාපන් Both කියලා
මුදලාලි හා ළමයා එකට හමු වෙයි. බර්ටි (ළමයා) - ඇයි මුදලාලි මට එන්ට කිව්වේ. ඇනස්ලි (මුදලාලි) – අර කියපු ආප්ප සුද්දා අද එනවා උඹව එක්කන් යන්ට. සුද්ද උඹෙන් ප්‍රශ්න තුනක් අහයි. බර්ටි - සිංහලෙන්ද? ඇනස්ලි - සුද්දො කොහොමද බං සිංහලෙන් කතා කරන්නේ? මම සුද්දට කිව්වා උඹෙන් ප්‍රශ්න තුනක් අහන්න කියලා. බර්ටි – මුදලාලි ඉංග්‍රීසි දන්නවයැ. ඇනස්ලි - මෝඩයො මම සුද්දන්ට ඉංග්‍රීසි ටියුෂන් දුන්න කෙනෙක් එංගලන්තෙදි. බර්ටි – ඉතිං මම ඉංග්‍රීසි දන්නෙ නැහැනෙ. ඇනස්ලි - මම කියා දෙන්නං මම සුද්දට කිව්වා අහන ප්‍රශ්න තුන. ඉස්සෙල්ලම අහයි. What is Your Name කියලා? ඇනස්ලි - ඒ කියන්නේ උඹේ නම මොකක්ද? බර්ටි - සිරිසේන. ඇනස්ලි - ඊළඟට සුද්ද අහයි What is Your Age කියලා? බර්ටි – ඒ කිව්වේ? ඇනස්ලි - උඹේ වයස කීයද? බර්ටි – විසි අටයි. ඇනස්ලි - එහෙනන් Twenty Eight කියාපන්. සුද්දා අහන තුන්වෙනි ප්‍රශ්නෙ What Do You Like to Eat in the Morning Bread or Rice බර්ටි – අම්මෝ ඒකෙ දිග. ඇනස්ලි - උත්තරේ කොටයි බං. ඒ අහන්නේ උඹ උදේට කන්ට කැමති පාන් ද, බත් ද කියලා. බර්ටි - දෙකටම කැමතියි. ඇනස්ලි - එහෙනම් කියාපන් Both කියලා. දැන් මතකද? What is Your Name? බර්ටි - (උඩ පනිමින්) සිරිසේන. ඇනස්ලි - What is Your Age? බර්ටි - (මහ හයියෙන්) Twenty Eight. ඇනස්ලි - What Do You Like to Eat in the Morning Bread or rice බර්ටි – (ශබ්ද නඟා හිනාවෙලා) Both.. ඇනස්ලි - ඒ තුන එක දිගට කියහන් බලන්ඩ. බර්ටි - සිරිසේන, ට්වෙන්ටි එයිට්, බෝත්, සිරිසේන ට්වෙන්ටි එයිට්, බෝත් සිරිසේන ට්වෙන්ටි එයිට්. ඇනස්ලි - බෝත් සිරිසේන ට්වෙන්ටි එයිට් නෙමෙයි යෝධයො. සිරිසේන ට්වෙන්ටි එයිට් බෝත් අන්න සුද්ද එනවා. සුද්දා (මම, ඇල්ෆ්‍රඩ්).
Hello Mudliyer (බර්ටි දෙසට හැරී) එයාගේ තාත්තා එංගලන්තයේදී පස් කණ්ඩියකට යට වෙලා. සුද්දා - And he got married there you know ඇනස්ලි - මැරි (බර්ටි දෙසට හැරී) මැරිල මැරිල, මැරිල. සුද්දා - Mudliyar, where’s the young man you promised me. ඇනස්ලි - Man – here sir. here. සුද්දා – (බර්ටි දෙසට හැරී)
Hello young man සුද්දා - What’s that I can’t understand ok what’s your name? බර්ටි - (ශබ්ද නඟා සිනාසෙමින්) Twenty Eight. සුද්දා - What Bloody nonsense is this. are you mad or am i mad. බර්ටි - (උඩ පැනලා) බෝත්. දැන් මුළු රංග ශාලාව පුරාම සිනා සාගරයකි. සුද්දාත් බර්ටිත් හරි හරියට බොක්සිං ඇන ගනී. මේක බලන් ඉන්න සුද්දෝ ද මහ හයියෙන් සිනාසෙයි.
* මගේ ගෑනිට කොහෙද යකෝ වලිගයක්* බේබි ඔස්ටින් කැලේ, පැදපන් ඇල්පියෝ* පාට කොහොමද? පෙනුමයි රතුයි* මේ මොකද ඕයි* ‘අඩියක්’ ගසා අමද්‍යප සංගමයට ගිහින්* පුවක්පිටිය කේවට්ටලාගේ අමාරිස්* කුස්සි අම්මාට විරුද්ධව නඩුවක්* ඔහේ තාත්තා නම් මෙයා කොහොමද පියා වෙන්නේ* සුද්දො කොහෙද ඕයි සිංහලෙන් අහන්නේ* ලේබල් ලයිබල් වෙලා* බැනපු කතාවත් පරිවර්තනය කළා |