වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




දරුවොත් එක්ක

දරුවොත් එක්ක

රංගන ශිල්පි අමරසිරි කලංසූරිය

මගේ මූලිකත්වය දෙන්නෙ දරුවන්ටයි. මගේ උපන් දිනය යෙදෙන නිසා මේ සතිය මට කාර්යබහුල සතියක්. මගේ දරු මුනුපුරු මිනිපිරියන් හැමෝම එන නිසා ලොකු සතුටක් හිතේ තියෙනවා. ඊට අමතරව පාසල් සඳහා ‘දරුවෝ’ නමින් වේදිකා නාට්‍යයක් නිර්මාණය කරමින් සිටිනවා.

එය දිවයින පුරා පාසල්වල වේදිකා ගත කරන්න දැනට අවසරය ලැබිලා තියෙනවා. බොහොම උනන්දුවෙන් එය කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා.