සරසවිය: නළුවන් ඇඹුල් කරන බිපාෂා: Sarasaviya e edition - Lake House - Sri Lanka
නළුවන්
ඇඹුල් කරන
බිපාෂා
භයානක සහ අස්වාභාවික සිනමාපටවල රඟමින් වෘත්තීය ජීවිතය සාර්ථක කර ගනිමින් සිටින
බිපාෂා බාසු මේ වෙනස් මඟට කැමැති බව පවසන්නීය. දැනට බිපාෂා අස්වාභාවික සිනමාපට පහක
රඟපා තිබේ. ඒ සිනමාපට පහම සාර්ථක වීම ගැන ඇය සතුටු වන්නේ එයින් ප්‍රධාන නළුවාගේ අගය
බින්දුවටම බස්සවා තාරකාවක ලෙසින් සිනමාපටය ජනප්‍රිය කරවීමට හැකි වීම නිසයි. තමන්ගේ
ප්‍රතිරූපයට කුමක් සිදු වුවත් නළුවාගේ මුහුණ ඇඹුල් වනවා දැකීමට ඇය කැමැතිය.
බිපාෂා ඉදිරියේදී ප්‍රේක්ෂකයන් හමුවට එන්නේ ‘ක්‍රියේචර්’ ත්‍රිමාන සිනමාපටයෙනි. එය
ඉන්දීය රසිකයන්ට ඇනකොන්ඩා, ජුරාසික් පාක් වැනි අත්දැකීම් ලබා දෙන්නකි.
|