අමීර් දේශපාලනයට
අමීර් දේශපාලනයට
අමීර් ඛාන් පිවිසෙන්නේ කුමන ක්ෂේත්රයට ද ඒ ක්ෂේත්රය හිරුගෙන් තරු බැබළෙන්නාක්
මෙන් අලෝකවත් වන්නේය. අමීර් ඊළඟට බැබළවීමට යන ක්ෂේත්රය කුමක් ද? ඒ බොහෝදුරට
දේශපාලනය විය හැකියි.
මෑතකදී රාජ්‍ය සභාවට නිර්දේශ වුණොත් එහි යාමට අදහසක් නැත්දැයි මාධ්‍යවේදියකු
ඔහුගෙන් විමසූ විට අමීර් පවසා ඇත්තේ ආරාධනාවක් ලැබුණොත් ඒ ගැන සලකා බලන බවයි.
ක්‍රිකට් ක්‍රීඩක සචින් තෙන්ඩුල්කාර්, නිළි රේඛා රාජ්‍ය සභාවට තේරුණේ ද මහජන
ඡන්දයෙන් නොවෙයි.
‘සචිනුයි, රේඛායි මගේ යාළුවෝ. ඒ අය කරන දේ ගැන විවේචනය කිරීමට මං අකැමැතියි. ඒත්
ඔවුන්ට වගේ මටත් අවස්ථාවක් ලැබුණොත් ඒ අවස්ථාව සමාජයට යහපතක් කිරීමට යොදා ගත
හැකිවේදැයි සිතා බලනවා. මා රාජ්‍ය සභාවට තේරුණොත් හැමදාමත් එහි සිටීවි.’
අගමැති නරේන්ද්‍ර මෝදිගේ බලය විමධ්‍යගත කිරීම ගැන ද මෙහිදී අදහස් විමසුවේය. මෝදිගේ
බලය විමධ්‍යගත කිරීම ගැන තමන්ට කිසිදු අදහසක් නැති බව පැවසූ ඔහු ඒ ගැන තමන්ට වඩා
මාධ්‍යවේදියා දන්නවා ඇති බව කිව්වේ දේශපාලනයට තිබිය යුතු උපක්‍රමශීලීභාවය දැන් සිටම
පෙන්වමිනි.
මෙහිදී හින්දි සිනමාවේ කාන්තාවන්ට ගරුත්වයක් නැතිකම ගැන ද කතාබහ විය. ‘මොහ්රා
සිනමාපටයේ ‘තූ චීස් බඩී හෛ මස්ත් මස්ත්’, දිල් සිනමාපටයේ ‘ජෙයිසි ඛාදි භෛ’ වැනි
ගීතවලින් වැරැදි පණිවුඩයක් සමාජයට ලැබෙන බව කියූ ඔහු යළි තමන් කාන්තාවන් ගැන වැරැදි
පණිවුඩ සමාජගත වන නිර්මාණවලට දායක නොවන බව පැවසුවේය.
දෙසැම්බර් 19 වැනි දිනට තිරගත කිරීමට නියමිත ‘පී.කේ’ සිනමාපටයට පසු වෙනත් කිසිදු
සිනමාපටයකට අමීර් ඛාන් අත්සන් කර නැත. රංගනයට සුදුසු චරිතයක් ලැබෙන තුරු අමීර් බලා
සිටින්නේය.
|