දෙවැනි මධුසමය
දෙවැනි මධුසමය
ඔක්තෝබර් 16 වැනි දිනට කරීනා - සායිෆ් සූදානම් වන්නේ විවාහයේ දෙවැනි මධුසමයටයි.
ඔවුන්ගේ දෙවැනි විවාහ සංවත්සරය යෙදී ඇත්තේ එදිනටයි. බ්‍රිතාන්‍යයේ අගනුවර මොවුන්
දෙදෙනාගේ සිත් ගත් නවාතැනයි. පළමු විවාහ සංවත්සරය ද ඔවුන් පැවැත්වූයේ ලන්ඩනයේදීයි.
සායිෆ් ඔක්ස්ෆර්ඩ් සරසවියේ අධ්‍යාපනය ලැබීම මේ සිත් ගැනීමට එක් හේතුවකි. එහෙත්
දෙවැනි සංවත්සරයට නම් ලැබෙන පුවත් අනුව ඔවුන් යාමට තීරණය කර ඇත්තේ ප්‍රංශයටයි.
සායිෆීනා (සායිෆ් සහ කරීනා) සාන්ත – එමිල්සන් හිදී මංගල දිනයේ සුබ මතකයන් අවදි
කිරීමට සිතාගෙන සිටිති. අගෝස්තු 23 වැනිදා බැන්ජලිනා (බ්‍රැඩ් පිට් සහ ඇන්ජලිනා
ජොලී තරු යුවළ) විවාහ වූයේ ද මේ සොඳුරු මිදි උයනේයි. සාන්ත – එමිල්සන් හොලිවුඩ්,
බොලිවුඩ් තරුවලින් නිතර සොඳුරු වන බිම් පෙදෙසකි.
|