වර්ෂ 2014 ක්වූ සැප්තැම්බර් 04 වැනිදා බ්‍රහස්පතින්දා




මහාචාර්ය පල්ලියගුරුගෙන් පිටපත් රචනයට අත්වැලක්

මහාචාර්ය පල්ලියගුරුගෙන් පිටපත් රචනයට අත්වැලක්

මහාචාර්ය චන්ද්‍රසිරි පල්ලියගුරු ලියූ “පරිකල්පනය, තර්කණය සහ නිර්මාණය” නම් කෘතිය පසුගිය දා එළි දැක්විණ. මෙම කෘතිය ඔස්සේ නාට්‍ය, චිත්‍රපට හා ටෙලිනාට්‍ය පිටපත් රචනයට අත්වැලක් සපයන අතර නාට්‍ය පිටපත / තිර රචනය යනු කුමක්ද, තිරරචනය හා තිර රචකයා, චරිත ගැටලුව සහ ගැටුම, චරිත නිර්මාණය, දෙබස් / සංවාද, තිර රචනය ආකෘතිය සහ ශෛලිය, තිර රචකයා අධ්‍යක්ෂවරයකු ලෙස ආදී මාතෘකා රැසක් ඔස්සේ තිර පිටපත පිළිබඳ මනා දැනුමක් ඒ පිළිබඳ කැමැත්තක් දක්වන්නන්ට සපයයි. මෙම කෘතිය සුරස පොතකි.