සිනෙ රූ තරු තොරතුරු පොතක් ලෙස එළි දකියි
සිනෙ රූ තරු තොරතුරු
පොතක් ලෙස එළි දකියි
මාලිනී රසික හවුලට අශෝකගෙන් ආරාධනා
අශෝක සෙනරත් මුදලිගේ නිෂ්පාදනය කොට අධ්‍යක්‍ෂණය කළ ‘සිනෙ රූ තරු තොරතුරු’ රූපවාහිනී
වැඩසටහන අඩංගු කළ ඩී. වී. ඩී. තැටියෙහි ග්‍රන්ථය එම නමින්ම මෙම මස 30 වැනිදා සවස
3.45 ට සිංහල සංස්කෘතික මධ්‍යස්ථානය එනම් සුදර්ශී ආයතනයේ ගාමිණී ෆොන්සේකා සමරු
රඟහලේ දී එළිදැක්වේ.
සිනෙ රූ තොරතුරු වැඩසටහනෙහි ප්‍රධාන ආරාධිතයන් වූයේ හෙළ සිනමා සක්විති ගාමිණී
ෆොන්සේකා සහ මාලිනී ෆොන්සේකාය. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් එය මෙහෙය වීය. එම
වැඩසටහනෙහි සියලු සංවාදයන් ඒ අයුරින්ම සිනෙ රූ තරු තොරතුරු ග්‍රන්ථයේ සටහන්ව තිබේ.
එය සරසවි ආයතනයේ ප්‍රකාශනයකි. මෙම කටයුත්තට අමතරව එදින මාලිනියගේ උපන් දිනය සැමරීම
සහ ඇයගේ රසික හවුලක් පිහිටුවීම ද සිදුවේ. මෙම අවස්ථාවට සහභාගිවීම සඳහා අශෝක,
ක්ෂේත්‍රයේ සහෘදයන්ට විවෘත ආරාධනාවක් කරයි. ප්‍රසාද්
|