වැලිකඩ බන්ධනාගාරයේ
වැලිකඩ බන්ධනාගාරයේ
ගායන ශිල්පී ජානක වික්‍රමසිංහ
සිංහල අලුත් අවුරුදු සමයේ ප්‍රසංග කිහිපයක්ම යෙදිලා තියෙනවා. දශක ගණනාවකට පසු
මිනිසුන්ට නිදහස ලැබිලා තියෙන නිසා දැන් ජනතාව ප්‍රසංග වේදිකාව වටා රොක්වෙලා
සිටිනවා. කලාකරුවෙක් විදියට ඒ ගැන තියෙන්නේ ලොකු සතුටක්. ඒ වගේම මේ සතියේ මගේ උපන්
දිනයත් යෙදිලා තියෙනවානේ. ඒ දවස මම වැලිකඩ බන්ධනාගාරයේ ගත කරන්න සූදානම් වෙලා
ඉන්නේ. එදිනට එහි සංවිධානය වෙන ප්‍රසංගයක් සඳහා සහභාගි වෙන්න තියෙනවා. ඊට අමතරව
පුණ්‍ය කටයුතු කිහිපයක්ම යොදා ගෙන තියෙනවා.
ඒ වගේම මේ වසරේදී අලුත් ගීත කිහිපයක්ම එළි දක්වන්නත් බලාපොරොත්තු වෙනවා. අරිසෙන්
අහුබුදු සූරීන් වසර ගණනාවකට පෙර රචනා කළ ගීතයක් සහ ප්‍රේමකීර්ති ද අල්විස් මහතා
රචනා කළ ගීතයකුත් ඇතුළත් වෙනවා. ගත වූ කාලය පුරාවට කලාකරුවෙක් විදියට දැනුන දෙයක්
තමයි ජාතික අභිමානය, බුදු දහම ගැන කියෙවෙන ගීත බිහිවීමේ අඩුව.
ඉදිරි කාලය ඒ අඩුව
පුරවාලන්න ගීත එළි දක්වන්නත් විශාල බලාපොරොත්තුවක් තියෙනවා. මේ දවස්වල වෙහෙසෙන්නේ ඒ
කටයුතු වෙනුවෙන්. ඒ වගේම මෙතරම් ජනප්‍රියත්වයක් ලබා දුන් රසික ඔබ සැමට සුබ අලුත්
අවුරුද්දක් වේවා කියලත් මම ප්‍රාර්ථනා කරනවා.
|