පුතුගෙත් මගෙත් උපන් දින එකයි
පුතුගෙත් මගෙත්
උපන් දින එකයි
රංගන ශිල්පි රොඩ්නි වර්ණකුල
මේ සතිය මට කරුණු කිහිපයක්ම නිසා සුවිශේෂයි. මෙවර අලුත් අවුරුද්ද සමඟින් පාස්කු
සතිය උදා වුණා. කිතුණු බැතිමතෙක් විදියට පාස්කු වෙනුවෙන් මම ආගමික වතාවත් වෙනුවෙන්
කැප වෙන්නේ. මහ සිකුරාදාට කිසිම වැඩක් භාර අරගෙන ගෙදරින් පිට වෙන්නේ නැහැ. ඊට පසුව
සුපුරුදු පරිදි කලා කටයුතුවල නිරත වෙනවා.
මේ සතියේ මගේත්, මගේ පුතාගේත් උපන් දින
යෙදිලා තියෙනවා. උපන් දින දෙකම එකම දිනයක වීම නිසා ගොඩක් සතුටුයි. මගේ පුතා ඉරෝෂ
වර්ණකුල. අපි දෙන්නාගෙම උපන් දින වුණත් පුතාගේ මනාපය අනුව එදා දවස ගත කරනවා.
මම
දරුවන්ට වුණත් පුංචි කාලේ ඉඳලාම උපන් දිනදා අපි විතරක් පාටි දාලා සතුටු වෙන්නේ
නැතුව අපේ උදව් අවශ්‍ය අයට උදව් කරන්න පුරුදු කරලා තියෙන්නේ. ඒ අනුව ඒ ලස්සන දවස ගත
කරන්න බලාපොරොත්තු වෙනවා.
මේ දවස්වල කලා කටයුතු නම් එතරම් යෙදා ගෙන නැහැ. මැයි මාසයේ ඉඳලා සුපුරුදු පරිදි
වේදිකා නාට්‍ය සමඟින් රට වටා යන්න සූදානම්. ඒ වගේම අලුත් චිත්‍රපටයක රූගත කිරීමේ
කටයුතු සඳහාත් දායක වෙන්න යොදා ගෙන තියෙනවා.
|