වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 24 වැනිදා බ්‍රහස්පතින්දා




තරුව විකිණේ සමඟ අපොන්සු ආයෙත් වේදිකාවට

තරුව විකිණේ සමඟ අපොන්සු ආයෙත් වේදිකාවට

ජයසේකර අපොන්සු කලකට පසු නිර්මාණය කළ නවතම වේදිකා නාට්‍යය ‘තරුව විකිණේ’ ලබන 26 වැනිදා ලුම්බිණි රඟහලේ දී වේදිකා ගත කෙරේ.

ජයසේකර අපොන්සු සමඟින් ගයාන් මාපලගම, ධර්මසේන දෙහිවල, එන්. සූරියබණ්ඩාර, තාරුකා අංජලී, පුෂ්පා ජෙනට්, බී. ඩී. සරත් විජේවර්ධන, ස්ටැනී ද සිල්වා සහ ගාමිණී කොස්තා තරුව විකිණේ හි රංගනයෙන් දායක වෙති. සංගීතය ඩිලාන් ගුණවර්ධනගෙන් වන අතර වේශ නිරූපණය ගාමිණී කොස්තා විසිනි. තරුව විකිණේ රචනය හා නිෂ්පාදනය ජයසේකර අපොන්සු ගෙනි.