|
නිළි රැජන සුබ උපන් දිනයක්
රේල් පාර ළඟදී දුටු ලස්සන කෙල්ල රවීන්ද්‍ර රන්දෙණිය කොටහේන ශාන්ත බෙනඩික් විද්‍යාලයට මාව ගිහින් ඇරලුවේ ගෙදර කාර් එකෙන්. කැලණිය පට්ටිය හන්දියේ තියෙන දුම්රිය හරස් මාර්ගය ගාව හැමදාම ටිකක් තදබදයි. ඒක නිසා කාර් එක එතන නවත්වාගෙන ඉන්න සිදු වෙනවා. මේ අතරතුර පොත් මිටියක් ළැමට තුරුළු කරගත් සුරූපී තරුණිියක් මෙතැනින් ඇවිදගෙන යනවා. ඇය පාසල් ගියත් අකල් වැස්ස නම් වූ වේදිකා නාට්‍යයේ රඟපාලා ප්‍රදේශය පුරා නිළියක් විදිහට ප්‍රසිද්ධ වෙලයි හිටියේ.
කවුද මන්දා, උසම උස සුදු කෙනෙක්. මං හිතන්නේ ලංසි කොල්ලෙක් ද කොහෙද’ ඇයගේ පිළිතුර වෙලා තියෙන්නේ ඒක. මං ලංසි හිතල ද දන්නේ නැහැ ඇය මාත් එක්ක කතා නොකළේ. අවාසනාවට ඒ චිත්‍රපටය කෙරුණේ නැහැ. පසුකාලීනව මාලිනියි මමයි එකට වැඩ කරනවා. ඒ ගංගා චිත්‍රපටයේ.
සුරංගනාවියගේ නිකට ඇල්ලුවා ජැක්සන් ඇන්තනී
තවත් පුදුමෙ කියන්නේ ආධුනික මාත් එක්ක ඡායාරූප කතාවේ ඉන්න ඇය එක පයින් කැමැති වුණු එක. යොදා ගත් දිනට මං විහාර මහ දේවි උද්‍යානයට ගියා. එතැන තමයි අප දෙදෙනාගේ පින්තුර ගන්න තිබුණේ. එදා මට ඇදහිය නොහැකි දවසක්. වෙලාවකට මේ ඇයම ද කියලා හිතාගන්න බැහැ. ෆොටෝස් ගත්තේ සුමේධ ලියනගේ නම් වූ ඡායාරූප ශිල්පියෙක්. ඔහු මට මාලිනීගේ නිකට අල්ලලා හොල්ලන්න කිව්වා. කීයටවත් එහෙම කරන්න හිත දෙන්නේ නැහැ. චකිතයට අතත් වෙව්ලනවා. කොහොම හරි එදා තිරයේදී දැකලා මං වශී වී සිටි සුරංගනාවියගේ නිකට ඇල්ලුවා. ෆොටෝස් ගත් දින මට මාලිනිත් එක්ක වැඩිය මිතුª දම් පවත්වන්න නොහැකි වුණත් පසුකාලීනව ඇය මගේ සහෝදරියක් තරමටම හිතෛෂිවන්ත වුණා.
විජය චිත්රාගාරයට මුලින්ම ආ හැටි තිස්ස ලියනසූරිය
අපි මාලිනීව දැකලා තිබුණෙ ‘අකල් වැස්ස’ වේදිකා නාට්‍යයෙන්. ඇය වේදිකාව තමාගේම කරගෙන රඟපෑ අයුරු අපව විස්මයට පත් කළා. එහෙයින් ඇයව චිත්‍රපට ක්ෂේත්රයට කැඳවීමට අප තීරණය කළා. ඒත් පොඩි ගැටලුවක් තිබුණා. ඒ ඇයව සිනමාවට ගැළපෙනවද යන්න. වේදිකාව නෙවෙයිනෙ සිනමාව කියන්නේ. ඒක නිසා ඇයව අපි කැඳෙව්වා විජය චිත්රාගාරයට එදා තමයි මට ඇයව මුලින්ම මුණ ගැසුණේ. අපි ඇයට ස්ක්‍රීන් ටෙස්ට් එකක් තියමු කියලා හිතුවා. ඒක ඇයට අභියෝගයක් කියලා හිතලයි එහෙම කළේ. ඇය ඊට අති සාර්ථකව මුහුණදීලා ‘පුංචි බබා’ හී ප්‍රධාන චරිතයට ඇයව සුදුසුයි කියන සිතුවිලි අපේ සිතට ඉබේම ඇති කළා. පුංචි බබා ලොකේෂන් එකේදි ඇය හිටියේ පුරුදු කරියක් වාගේ. රඟපාන විදිහ පුන පුන ඇයට කියන්න ඕන වුණේ නැහැ. කියපු සැනින් ඇය මනාව වටහා ගත්තා. මම නම් එදා හිතුවා ඇය කවදා හරි නිළි රැජනක් වෙයි කියලා. ඇත්තටම ඒක සිද්ධ වුණා.
පළමු දවසේ හමු වූ ගුරුතුමිය අනෝජා වීරසිංහ
ඒ අස්සෙන් විජය, මාලිනී වෙරළට ආවා කියලා දැනගත්තම මුලු වැල්ලෙම මිනිස්සු පිරිලා. පොලීසියෙන් ඇවිත් ඔවුන්ව පාලනය කරන්න. මේ කලබලය අස්සෙයි මට රඟපාන්න තිබුණේ. මාලිනී, විජය එනකම් බලාගෙන ඉන්නවා. මට මාලිනී ළඟට ගිහින් කියන්න තිබුණේ ‘කලබල වෙන්නේ නැතුව හිටපන්’ වගේ දෙබසක්. මාලිනී අක්කට තිබුණ ගෞරවටයයි බයටයි මට ඒ වචන කියවුණේ අධි රංගනයකුත් එක්ක. කැමරාව පිටුපස හිටපු හැමෝටම බකස් ගාලා හිනා ගියා. මට ලැජ්ජාවේ බැහැ. හැබැයි මාලිනී අක්කා විතරක් හිනා වුණේ නැහැ. ඇය මාව පැත්තකට එක්කගෙන ගියා. වේදිකා නාට්‍ය කරලා තියෙනවාද? ඇය මගේ අතින් අල්ලලා ඇහැව්වා. ඔව්. වේදිකා නාට්‍ය වගේ නෙවේ. කැමරාව ඉස්සරහ සියුම්ව රඟපාන්න ඕනෑ. එහෙම කියූ ඇය මට දෙබස් කියන්න ඕනෑ විදිහ පවා කිව්වා. එහෙම බලන කොට ඇය තමා මගේ පළමු ගුරුවරිය. බැරි වෙලාවත් මාලිනී අක්කා මට වරදිද්දී හිනා වුණා නම් අනෝජා වීරසිංහ කියන නිළියක් අද නැහැ.
නීටා ප්‍රනාන්දු ලෙනින් මොරායස් අධ්‍යක්ෂණය කළ ඔන්න මාමෙ කෙල්ල පැනපි චිත්‍රපටයේ දර්ශන තලයේදීයි මාලිනීව මට මුලින්ම හමුවන්නේ. ටෝනි, ජෝ, මාලිනී සහ මම තමයි එහි ප්‍රධාන චරිත මැව්වේ. මාලිනී සහ මම එදින හරියට හිතවත් වුණා. ඇය රංගනයේදී ලබා දුන් සහාය නම් වචනයෙන් විස්තර කරන්න අමාරුයි. පුදුමෙ කියන්නේ මාලිනී එදා ඉඳලා අද වෙනකම්ම නොවෙනස්ව ඒ ගති ගුණ එහෙම්ම තියාගෙන ඉන්න එක. මට තවම මතකයි මම සිංගප්පූරු උළෙලේදී සම්මාන ගත්තම ඇය දුන්න තෑග්ග. ඈ මට ලියුමක් එවා තිබුණා මෙන්න නීටෝ උඹට මගෙන් හාදුවක් කියලා.
හිතවතියේදී මම කලර්ස් පෙන්නුවා කමල් අද්දරආරච්චි මම සිනමාවට එද්දී මාලිනී අක්කා තමයි සිනමාවේ අග රැජන. ඇයත් එක්ක රඟපාන්න තමයි රඟපාපු හැමෝගේම හීනය වුණේ. අසූ එකේ අසූ දෙකේ පමණ සාගරයක් මැද චිත්‍රපටයේ රඟපාලා කාලයක් මම මුකුත් කරන්නේ නැතුව හිටියා. එතකොට සිනමාවේ යම් අර්බුදකාරී තත්ත්වයක් තිබුණේ. මට විතරක් නෙවෙයි ජනප්‍රිය නළු නිළියන්ට පවා වැඩ නැති යුගයක් ඒක. ඉතින් ඉඳලා ඉඳලා මට චිත්‍රපටයක් ලැබුණා. ඒ හිතවතිය. එහි මාලිනී අක්කා රඟපෑවා. ඇය ඉන්න නිසා මං එහි උපරිම කලර්ස් පෙන්වන්න රඟපෑවා. නවක මට වුවත් ඇගේ හෘදයාංගම බව පෙන්වන්න ඇය පසුබට වුණේ නැහැ. ඒකයි මාලිනී අක්ක අදටත් අපේ නිළි රැජන ලෙස අභිසෙස් ලබන්නේ.
ක්ලීටස් මෙන්ඩිස් මාලිනීව මං කාලෙක ඉඳලා දන්නවා. හැබැයි මමයි ඇයයි එකට රඟපාපු චිත්‍රපටයක් හැදුණේ නැහැ. කවුරුවත් අපි දෙන්නව දාලා චිත්‍රපටයක් නිර්මාණය කරන්න උත්සාහ කළෙත් නැහැ. ඒ ගැන මගේ සිතේ සියුම් කනගාටුවක් තිබුණා. මට ඇයත් එක්ක රඟපාන්න දැඩි වුවමනාවක් ඇති වුණේ මං සිනමාවට ආපු මුල් යුගයේ සිටයි. ඒත් නෝ චාන්ස්. මං කල්පනා කළා මමම චිත්‍රපටයක් නිෂ්පාදනය කරලා ඊට මාලිනීව යොදා ගන්න. ඒ චිත්‍රපටය තමයි වීර උදාර. මමයි මාලිනියි එහි ප්‍රධාන චරිත මැව්වේ. ඇයත් එක්ක එකට රඟපාන්න කාලයක් තිස්සේ තිබුණු ආසාව මං ඉටු කර ගත්තේ විර උදාර තුළින්. ඒ වෙන කොට විජය අයියා නැති වුණ අලුත. මාලිනී හිටියේ හරිම සංවේගයෙන්. ඇය වීර උදාර දර්ශන තලයේ ඉන්න කොට වැඩිපුරම කතා කළේ විජය අයියා ගැන. වීර උදාර හී මටයි මාලිනීටයි ‘නිශා යාමය’ නම් වූ ගීතයකට රංගනයක් තිබුණා. මාලිනී මට කිව්වා විජය වගේ ඇක්ෂන් කිහිපයක් දාන්න කියලා. මං එහෙම කළාම ඇය බෙහෙවින් සතුටු වුණා. ඇයත් සමඟ පළමුව වැඩ කළ වීර උදාර චිත්‍රපටය රූගත කළ දවස් කිහිපය නම් මට අමතක වන්නේ නැහැ. ඒ වගේම වීර උදාර සඳහා මාලිනී රඟපෑවේ ශත පහක්වත් ගන්නේ නැතුව කියලා කියන්නම ඕනෑ.
මහේන්ද්‍ර පෙරේරා මාලිනී අක්කා මගේ මව හැටියට රඟපෑවා මහ මෙර පාමුල චිත්‍රපටයේ. ඇය ගැන එතකොට අහලා තිබුණු දේවලුත් එක්ක ඇයව අපි ඇදහුවා. මාලිනී අක්කා මවක විදිහට කළ ඒ රංගනය හරිම සංවේදියි. එතකොට මම වැඩිපුර ජනප්‍රියත් නැහැ. හැබැයි රඟපාලා අත්දැකීම තිබුණු නිසා ඇයත් එක්ක රඟපාන්න කිසිම බයක් දැනුණේ නැහැ. ඒ චිත්‍රපටය කරද්දී මරු වැඩක් වුණා. මාලිනී අක්කා මට බත් කවන දර්ශනයක් තිබුණා. ඒකෙ බෝංචි ව්‍යාංජනයකුත් පසෙකින් තියෙනවා. ඒ බෝංචි කාලා ටිකක් වෙලා යද්දී මගේ කනෙන් දුම් පිට වෙනවා වගේ දැනෙනවා. ඒක් එක්කම කට පිච්චෙනවා වගේ. මං ඒ කිසිත් ගණන් නොගෙන රඟපෑවා. පස්සෙයි දැනගත්තේ බෝංචි වගේ කපලා දාලා තිබුණේ අමු මිරිස්. මාලිනි අක්කයි අධ්යක්ෂ දයාරත්න රටගෙදරයි විනෝදයට හිතලමයි මට අමු මිරිස් කැව්වේ.
රෙක්ස් කොඩිප්පිලි මට මාලිනීව මුලින්ම හමු වන්නේ ලෙනින් මොරායස්ගේ චිත්රපටයකදී. එහි වැඩි මතකයක් මගේ සිතේ නැහැ. පසුව ඇය රක්තා චිත්‍රපටයේ මගේ දුව හැටියට රඟපෑවා. එහිදී එක් දර්ශනයකදී ඇය තුවක්කුව මට විසි කරන්න තිබුණා. ඇය ඒක එවපු පාර මගේ අතේ තුවක්කුවේ කොකා වැදිලා අත තුවාල වුණා. මාලිනී බය වෙලා දුවගෙන දුවගෙන ඇවිත් සොරි කිව්වා. ඒත් මං ඒ සිදුවීම අමතක කරලා රඟපෑවා. ඇය පුදුම වුණා. මං තුවාලෙ තියෙද්දි රඟපාපු එකට. ඉන් පසුව මාලිනී මගේ ළෙංගතු මිතුරියක් වුණා. ඇයත් එක්ක මම චිත්‍රපට කිහිපයකම රඟපෑවා. කෙදිනකවත් ඇය අහංකාරකමින් හිස උදුම්මාගෙන නැහැ. ඒකයි ඇගේ දියුණුවේ රහස.
විමල් කුමාර ද කොස්තා මාලිනියි මමයි හෝඩියේ ඉඳලම එක පංතියේ හිටියේ. ඇය තමයි ඉස්කෝලෙ හිටපු ලස්සනම ළමයා. මාලිනී පුංචි කාලේ ඉඳලා පාසලේ නාට්‍යවල රඟපෑවා. මාත් ඇයත් එක්ක ඒවාට දායක වුණා. එහෙම බලන කොට මාලිනී එක්ක රඟපාපු පළමුවෙනි නළුවා මම. ඇගේ සහ අපේ ගෙවල්වල අය සමීපව ආශ්‍රය කළා. ඇය ඒ කාලේ හරිම ලස්සන හින්දා කාගෙත් දෑස් යොමුවෙලයි තිබුණේ. ඒ හින්දම ගොඩක් අය ඇයට සමීප වෙන්නට උත්සාහ කළා. ඒත් හැමෝටම වඩා සමීපව මට ඇයව ආශ්‍රය කරන්න පුළුවන් වුණා. නමුත් කෙදිනකවත් ඇය පිළිබඳ ආදර හැඟීමක් පහළ වුණේ නම් නැහැ. ඇය හරියට මගේ සහෝදරියක් බඳු වුණා. ඊට පස්සේ ඇයයි මමයි දෙන්නම ක්ෂේත්රයට සම්බන්ධ වුණා. මාලිනී එක්ක මං ෆීල්ඩ් එකට ඇවිත් රඟපාපු පළමු චිත්‍රපටය වුණේ අහස් ගව්ව.
|