නර්තන ශිල්පී පියදාස නානායක්කාර දැයෙන් සමුගනී
නර්තන ශිල්පී
පියදාස නානායක්කාර
දැයෙන් සමුගනී
මෙරට නර්තන කලාවට සුවිශේෂ මෙහෙවරක් ඉටුකළ ප්‍රතිභාපූර්ණ කලාකරුවකු වූ පියදාස
නානායක්කාර (තුම්බෝවිල පියදාස) පසුගිය 18 වැනි දින දැයෙන් සමුගත්තේය.
ශ්‍රී ලංකා නාවික හමුදා තූර්ය වාදක කණ්ඩායමේ වසර විසි දෙකක් සේවයකර විශ්‍රාම
සුවයෙන් සිටි ඔහු විදේශ සංචාර පනහකට අධික සංඛ්‍යාවකට සහභාගී වෙමින් දේශීය
සංස්කෘතිය, නර්තන කලාව ලොවට හඳුන්වාදීමට පෙරමුණ ගත්තෙකි.
පහතරට නර්තන කලාවේ සුවිශේෂී කලාකරුවකු ලෙස ප්‍රකටව සිටි හඳපාන්ගොඩ සේදරමන්
ගුරුන්නාන්සේ (සුදුමාමා) ගේ සහෝදරයකු වන ගිරිගෝරිස් ගුරුන්නාන්සේගේ බාල පුතනුවන් වන
ඔහු මිය යනවිට 56 වැනි වියේ පසු විය. ඔහුට දරුවන් දෙදෙනෙකි.
‘ඇරෝව්ස්ටාර්’ සංගීත
කණ්ඩායමේ ලීඩ් ගිටාර් වදන ශිල්පියා ලෙස කටයුතු කරන සම්පත් ඉරෝෂන් ඔහුගේ පුත්‍රයා වන
අතර ‘මුතුපලස’ ටෙලි නාට්‍යයේ ‘පැණියා’ ගේ චරිතයෙන් රසික හදවත් දිනා සිටින මහේන්ද්‍ර
විජේරත්න ගේ බාප්පා ද වේ. ඒ මහතාගේ අවසන් කටයුතු 21 වැනි සඳුදා තුම්බෝවිල සුසාන
භූමියේ දී සිදුකෙරිණි.
චන්දු
|