|
|
කොහේ ගිහිල්ල ආවත් හල්පිට යන්නේ පූසෝ බලන්නහේමසිරි හල්පිටගේ බිරිය ධම්මි හල්පිට
අලුත්ගම පැවැති ප්‍රසංගය නිම වී 28 වැනිදා පාන්දර යාමයේ පාණදුර ඔහුගේ නිවෙසට පැමිණියේ විඩාබර ගතින් හා සිතින් යුතුවයි. පිනිබර යාමයේ නිවෙසට පැමිණි මේ සුන්දර නිහතමානී මිනිසාට බිරිය ධම්මිගෙන් ආදර සංග්‍රහ පුද සත්කාර ලැබිණි. මහන්සිය වැඩි නිසාම හෙතෙම ඉක්මනින්ම නින්දට වැටිණි. අවදිවන විට මධ්‍යාහ්න එකේ කනිසම ද පසු වී තිබිණි. හදිසි කටයුත්තකට බිරිය ධම්මි ගෙදරින් පිටට ගොස් සිටිය ද ඔහුගේ දහවල් කෑම වේල පිළියෙල කරන්නට ඕ අමතක නොකළාය. ගෙදර නැවතී සිටින මේ කලාකරුවාගේ ඥාති නැගණියට ඔහුට අවශ්‍ය දේ සපයන්නට ද ඇයට පවසා සිටියාය.
මේ අතරතුර ධම්මි ද නිවෙසට පැමිණියාය. 28 රාත්‍රියේ ඇති ප්‍රසංගයට යාමට සූදානම් වූ මේ සුන්දර සුගම මිනිසා ගේට්ටුව ළඟට ගොස් ආපසු හැරී ආවේය. ඒ තමන්ට අමතක වූ බේත් පෙති බෝතලය රැගෙන යාමටය. ඒ පැමිණි අතර ධම්මිට හාදුවක් දෙමින් පැවසුවේ “මට තව අවුරුදු පහක් ජීවත් වුණොත් ඇති” කියාය. ධම්මිට සහ ඥාති නැගණිය වූ ස්ටෙලාට සමුදුන් ඔහු තමන්ගේ ප්‍රසංගය සඳහා පිටත් විය. හවස පහ පමණ වන විට, ප්‍රවීණ සංගීතඥ සරත් ද අල්විස් ධම්මිට දුරකථන ඇමතුමක් දී පැවසුවේ හැකි ඉක්මනින් කළුබෝවිල රෝහලට පැමිණෙන ලෙසයි. කලා ලොවේ බොහෝ පිරිසක් රෝහලේ පිවිසුම් දොරටුව අසල සිටිනු දුටු ධම්මිට සහ ස්ටෙලාට සිතා ගන්න බැරි දුකක් දැනුණි. ධම්මි රෝහලේ වාට්ටුව වෙත පැමිණුනා පමණි. දුටු දෙයින් ඈ බිරාන්ත වී සැලී ගියේය. රෝහලේ සයනයක් මත තම පෙම්බර සැමියා සිටින්නේ ජීවය නිරුද්ධවයි. මෙය සිහිනයක්ද යන්න ඇයට දැනුණි. දේහයට ළං වුණු ධම්මි නාස්පුඩු මත අත තියා බැලුවේය. තවත් වසර පහක් පමණක් ජීවත් වන්නට පෙරුම්පිරූ තම ආදරබර සැමියා තම පුතු දිනුෂ හා තමා තනිකර ඈත ලෝකයකට පියඹා ගොස්ය. සුන්දර ජීවිතය ගැන ගී දහස් ගණනක් ලියූ මේ සොඳුරු කලාකරුවාගේ රසික හිතවතුන් මෙන්ම ගීත ලොවේ හිතවතුන් ද හැරදා නික්ම ගොස්ය.
“මගේ මුල් ගම අනුරාධපුරයේ, ගලෙන්බිඳුණුවැව. 1977 අවුරුද්දෙ විතර මම ඉගෙන ගන්නට කොළඹ ආවා. 1978 අවුරුද්දෙදි ගුවන් විදුලි සංස්ථාවේදී ලස්සන සුදු කඩවසම් තරුණයෙක් මා දිහා උනන්දුවෙන් බැලුවා. ඒ අවුරුද්දෙම අප්‍රේල් මාසේ එයා මගෙන් ඇසුවා කැමැතිද බඳින්න. ඔයා මොකද කියන්නේ කියලා. මම කිව්වා ගෙදරින් අහන්න කියලා. එයා ගෙදරින් ඇහුවා. අපි ඒ අවුරුද්දෙම දෙසැම්බර් මාසේ කසාද බැන්දා. එතකොට එයා ප්‍රවාහන සේවයට සම්බන්ධ රැකියාවක් කළා. ඊට පසු කාලේදි ගුවන් විදුලියට වගේම, විවිධ ආයතන වල නිවේදන කටයුතුත් කළා. අපි කසාද බැඳලා පදිංචි වුණේ මොරටුව රාවතාවත්තේ ගෙදරක. නිහාල් නෙල්සන්, සමන් ද සිල්වා, වර්නන් පෙරේරා වගේ අය නිතරම ඒ දවස්වල අපේ ගෙදර එනවා යනවා. ඒ කාලේ සමාජ සේවයටත් හේමසිරි කැපවෙනවා. කවදාවත් එයා මස් වර්ග කෑවේ නැහැ මම දැනුවත්ව. එයා වැඩියෙන්ම සතුටු වුණ දවස තමයි දිනූෂ පුතා ඉපදුන දවස. එයාටම වෙන් වුණ කාමරයක් තිබුණා. නිදහස උපරිමයෙන්ම අගය කළ කෙනෙක්. බොහෝ පොත පත පරිශීලනය කළා. එහෙම කියූ ධම්මි ඔහුගේ ඡායාරූපයක් දෙස බලමින් නැවතත් අප හා කතාවට එක් වුණා. “එයාගේ එකම විනෝදාංශය සත්තුන්ට සැලකීම. පාරේ යද්දි මොන සතෙක් දැක්කත් ඒ සතාට කෑම දෙන සිරිතක් එයාට තිබුණා. හරිම ඉක්මනට සිත සසල වෙනවා. හරිම සංවේදී කෙනෙක්. කොහේ ගිහිල්ලා ගෙදර ආවත් මටත් කතා කරන්න පෙර එයා යන්නේ එයා ආසාවෙන් ඇති කළ පූසෝ ටික බලන්න. එයා නැතිවෙලා අවුරුදු අටක් ගත වුණත් අදටත් එයාගේ පූස් රංචුවෙන් දෙන්නෙක් අපේ ගෙදර ඉන්නවා. හල්පිටයන්ගේ ආදර සංග්‍රහයට වාසනාව තිබූ එක් පූස් පැටියෙක් දැන් පූස් මවක්ව සිටින්නීය. ධම්මිගේ ඇඟේ දැවටි දැවටී මේ පූසිය මොනවාදෝ ඉල්ලයි. අසල සිටි ස්ටෙලා මේ පූස් අම්මාට සහ පැටවුන්ට කෑමක් ලබා දුන්නේ හල්පිටයන්ගේ මතකද අලුත් කරමින්ය. මේ සියල්ල දෙස මඳ වේලාවක් බලා සිටි ධම්මි නැවතත් අතීත මතක අතර සැරිසරන්නට වූවාය.
අපි ආර්ථික ප්‍රශ්න තිබුණත් හරිම සතුටින් සැහැල්ලුවෙන් ජීවත්වුණේ. එදා හරියටම 2006 අප්‍රේල් 27 වැනිදා බෙන්තර හොටෙල් එකක ප්‍රසංගයකට ගිහිල්ලා ඇවිත් පාන්දර නිදා ගත්තා. ගොඩාක් දවල්වෙලා අවදි වුණේ. මම එයාට දවල්ට කන්න උයලා තියලා පොඩි වැඩකට එළියට ගියා. එයාගේ නංගි ස්ටෙලා එයාට කෑම බෙදලා දීලා තියෙනවා. එදා 28 වැනිදා එයා වෙනදා කනවටත් වඩා හොඳටම බඩ පිරෙන්න කෑම කෑවලු. එයා කාලා ඉවරවෙනකොටම වගේ මම ආවා. එදා හවස තිබුණ වැඩකට යන්න තුනට විතර ලෑස්ති වුණා. එයා යන්න මගට ගිහින් ආපසු හැරිලා ඇවිත් එයාගේ බේත් පෙති ටික ඉල්ලා ගත්තා. මොකද එයාට පොඩි පපුවේ අමාරුවක් තිබුණා. ඒ යන්න හදන වෙලාවේ එයා කිව්වා මට තව අවුරුදු පහක් ජීවත් වුණොත් ඇති. මගේ දිනුෂ පුතාගේ මඟුල් ගෙදර කලා ලෝකයේ ඔක්කොටම කියලා ගන්න. ඔන්න ඔය වචන ටික කියලා ගිය හල්පිට අන්තිමට මම දැක්කේ කළුබෝවිල රෝහලේ ඇඳක් මත ඉන්නවා. එයා එදා අපි හැමෝම දාලා යන්න ගියා. එයා ගීත හයදාහක් පමණ ලියලා තියෙනවා. නමුත් අදටත් අපි ඉන්නේ කුලී ගෙදරක. එයා සල්ලි ඉපයුවේ නැති වුණාට මිනිස්සු හම්බ කළා. අදටත් ජිප්සීස් කණ්ඩායමේ සුනිල් පෙරේරා අපි ගැන හොයලා බලනවා. සිරස එෆ්.එම්. ආයතනය එයා ලියපු ගීතවලට කර්තෘ භාගය අදටත් ගෙවනවා. නමුත් කලාකරුවෙක් වෙනුවෙන් කියලා කිසිදු දේශපාලන මහත්තයෙක් උදව්වක් කළේ නැහැ. එයා ඕනෑ තරම් දේශපාලන වේදිකාවල නිවේදන කටයුතු කරලා ඇති. සරසවිය පුවත්පත ඇතුළු පත්තර මිත්‍රයන්, මාධ්‍ය මිතුරන් හල්පිට කියන නාමය කවදාවත් අමතක කරලා නැහැ. හල්පිටගේ සිහිනය වුණ දිනුෂ පුතා දැන් කසාද බැඳලා. ගවීෂ කියලා පුතෙකුත් ඉන්නවා. ඒ පුතා හල්පිට වගේමයි. ඒ වගේම දිනුෂගේ බිරිය පත්මි මට ලේලියක් නෙමේ මගේම දියණියක් වගේ. පුතා උපයන දෙයින් තමයි අපි හැමෝම ජීවත් වෙන්නේ. හල්පිට කොහෙ හරි ඉඳන් අපි දිහා බලාන ඇති. සුමුදු මල් සුවඳ දෙයි - සුළඟේ විසිරිලා. ඒ ඔබේ සුවඳ මෙන් දැනුණේ ළං වෙලා. මට හැමදාමත් ඒ සුවඳ දැනෙනවා.
|



සීතල මුහුදු සුළඟ ඇදී එන බෙන්තොට වෙරළට පැමිණි ඔහු මුහුදේ රළ නඟින දෙස බලා සිටින්නට
ඇත. කිරි පාට පෙණ පිඬු දැක ජීවිතයේ අනිත්‍ය ද දකින්නට ඇත. ඔහු ලියූ දහස් ගණනක ගී පද
සංකල්පනා ගැන ද සිහියට නැඟුනා විය හැකිය. ඒ 2006 වසරේ අප්‍රේල් 27 වැනිදායි. කොවුල්
ගී නදින් හැඩවුණ එරබදු මල්වලින් අලංකාර වී ඵල බරින් පිරි අලුත්ගම පැවැති බක් මහා
වසන්ත සැණකෙළියේ රාත්‍රී ප්‍රසංගයේ නිවේදන කටයුතු භාරව තිබුණේ ද මේ ප්‍රතිභා පූර්ණ
නිවේදන ශිල්පියාටය.
අවදි වූ හෙතෙම නා පිරිසුදු වී එදින රාත්‍රි ප්‍රසංගයකට යාමට සූදානම් වූයේ දහවල්
ආහාරය යහමින් ගත් පසුවය.
හේමසිරි හල්පිට නම් කලාකරුවා මීට වසර අටකට ප්‍රථම එසේ අප හැරදා මිය පරලොව ගියේය.
ඔහුගේ ආදරබර බිරිය ධම්මි හල්පිට මෙවර පිය සටහන් සමඟින් හේමසිරි හල්පිටයන්ගේ මතක
සමඟින් සරසවිය හා එක්වන්නීය.
අපි බැඳලා පුතාවත් ලැබුණට පස්සේ එයා ලියපු සිංදු ගොඩක් ජනපි‍්‍රය වුණා. එයා හැම
ගායකයෙකුටම වගේ සිංදුවක් ලිව්වා. ඒ සිංදු රේඩියෝ එකේ වගේම ටී.වී. එකේ ප්‍රචාරය
වෙනකොට හරිම ආසාවෙන් අසාගන සිටියා. හැබැයි කවදාවත් උදම් ඇනුවේ නැහැ. තරාතිරම නොබලා
එයා හමුවට එන ඕනෑම කෙනෙකුට සිංදුවක් ලියලා දෙනවා. සල්ලි මත්තෙම එයා ජීවත් වුණේ
නැහැ. එයා මනුස්සකමට මුල් තැන දුන්න කෙනෙක්.