|
ඩී.ආර් කිව්වම අපි කිව්වේ ඩොක්ටර් කියලා
කලාකරුවන් සිත් ගත් දේ පවසන තැන පුදුම හතයි. කලා ලොවේ සැරිසරමින් අද පුදුම හතට තම සිත් ගත් චරිත ගැන කතා කරන්නට පැමිණියේ අපේ රටේ ජේ්‍යෂ්ඨතම රංගන ශිල්පියෙකු වන ටෝනි රණසිංහ.
ලැඩී රණසිංහ ලංකාවේ රඟපෑමේ ඉතිහාසය ගත්තොත් ලැඩී රණසිංහ එතරම් චිත්‍රපට ගණනාවක් සඳහා පෙනී නොසිටි නළුවෙකු වුනත් ප්‍රේම තරගය, දුප්පතාගේ දුක වැනි චිත්‍රපට වල අපූරු රංගනයන් සමගින් සිංහල සිනමාවේ සුවිශේෂ රංගන ශිල්පීන් අතරට එක් වෙනවා. දෙවියනි ඔබ කොහිද චිත්‍රපටයේ බිෂොප් චරිතයත් ඒ අතර විශේෂ වෙනවා. එහි ලැඩී සහ ගාමිණි ෆොන්සේකා රංගනයෙන් දායක වුණා. ගාමිණි දවසක් මට පණිවුඩයක් එවල තිබුණ මේ චිත්‍රපටයේ ඇක්ට් කරනවා බලන්න එන්න කියලා. මේ අවස්ථාවේදී වෙනත් චිත්‍රපටයක රූගත කිරීමකට දායක වෙමින් සිටියත් මම ඒ අවස්ථාව නරඹන්න ගියා. පුදුමාකර දක්ෂකමක් එහි එක් දසුනක තිබුණා. ඇත්තටම ඒ දසුනේ කඳුළු ගන්න තිබුණා. එදා ලැඩී එය අපූරු අන්දමින් නිරූපණය කළා. ඒ අවස්ථාව මට අද වගේ මතකයි.
හතළිහ දශකයේදී වර්තමානයේ ගාමිණි හෝල් නැමැති ස්ථානය අසල නාට්‍ය ශාලාවක් තිබුණා. එහි හැම්ලට් නාට්‍යයේ ලැඩී රණසිංහ ඇක්ට් කරලා තිබුණා. මට ඒ නාට්‍ය බලන්න බැරි වුනත් ඒ නාට්‍යයේ ගැන ඉංගී‍්‍රසි බසින් ලියවුණු විවේචනයක් මට ලැබුණා. එහි අවසානයට ලියලා තිබුණේ මේ නාට්‍යයේ පරිවර්ථන දොස් මෙන්ම නිෂ්පාදන දෝෂ තිබුණත් හැම්ලට් කුමාරයා මෙන් රඟන ලැඩී රණසිංහගේ රඟපෑම එංගලන්තයේ ජෝන් ගියල්වුඩ් වැනි ශ්‍රේෂ්ඨ නළුවෙකුට සම කරන්න පුළුවන් කියලයි. වසර හතලිහකටත් වඩා කාලයක සිට කලාව පිළිබඳව පොත පත පරිශිලනය කරන මට ඒ වගේ කීර්තියක් අසන්නට දකින්නට ලැබිලා නැහැ. මට ඔහුත් සමග රඟපාන්න අවස්ථාවක් නොලැබුණත් ලැඩී, ඩඩ්ලි වානගුරු සමඟ රංගනයෙන් දායක වුණ සැඟවුණ මැණික චිත්‍රපටයේ රූගත කිරීමක අතරතුර දී දවසක් මට ඔහු හමුවුණා. නළුවෙක් විදියට ඔබ සතුටු වෙන දෙයක් මං ලඟ තියෙනවා කියලා මම පහුවැනිදා අර ලිපිය ලැඩීගේ අතට දුන්නාම ඔහුගේ ඇස් දෙකට කඳුළු ආවා. ඇත්තටම ලැඩී රණසිංහ කියන්නේ ශ්‍රේෂ්ඨ නළුවෙක්. මේ වගේ චරිතවලට අපේ මතකයෙන් ගිලිහි යාමට ඉඩ නොදිය යුතුයි. විශේෂයෙන් ලැඩී රණසිංහ ගැන නළුවෙක් විදියට කතා කරනකොට ඕනෑම කෙනෙකුට හිතෙන්නේ ඔහු පමණ ඉක්මවා රඟපාන බවයි. මටත් පෙරදී එවැනි වැරදි හැඟිලා තියෙනවා. වේදිකාවේ නළුවෙක් නිසා සිනමාවට පැමිණි විට එහෙම වෙනවා කියලා හිතුවත් නැවත නැවත බලන විට මට හැඟී ගියේ ඔහුගේ පෞරුෂයයි එයට බලපෑවේ කියලා.
ඩී. ආර් නානායක්කාර
පරසතු මල් චිත්‍රපටයේ අමාරිස්ගේ චරිතයත් කාගේත් සිත් වලින් අමතක නොවන චරිතයක්. සුළු හෝ ප්‍රධාන හෝ වේවා ඕනෑම චරිතයක් ඔහු ඔහුටම විශේෂිත වූ ශෙලියකින් ඩී. ආර් රඟපෑවා. ඒ වගේමයි ප්‍රථම සරසවිය සිනමා සම්මාන උළෙලේ හොඳම නළුවා වෙන්නත් අවස්ථාව ලැබුනේ ඔහුටයි. තව ජනප්‍රිය නළුවා වුනෙත් ඔහුම යි. ඒක සිනමාවේ විශේෂිත සිද්ධියක්. ඔහු චිත්‍රපට නළුවෙක් විදියට නැති පෞරුෂයක් කවදාවත් ආරූඩකර ගත් පුද්ගලයෙක් නෙවෙයි. සරසවිය චිත්‍රපට උළෙලට පැමිණි හින්දි නිළියක වූ නූටාන් පවා ඔහුගේ රංගනය ඉහළින් අගය කළා මතකයි. ඩී. ආර් ඕනම වෙලාවක බොහොම විහිළු තහළුවෙන් සිටින පුද්ගලයෙක්. ඉස්සර අපි චිත්‍රපටවල රඟපාන කොට ඔහුගෙ නමට විහිළු කරනවා මතකයි. ඩී. ආර් කියන්නේ ඩොක්ටර් නේ. ඒ නිසා අපි ඔහුට කියන්නේ ඩොක්ටර් නානායක්කාර කියලා. ඒ වුණත් එයා මොන වෙලාවකවත් වැරදිලාවත් කියන්නේ නැහැ මේ අකුරු දෙකේ කියවෙන නම් මොනවාද කියලා. දවසක් අපි රූගත කිරීමක් අතරේ කියපු දෙයකට කේනිති ගිහින් මේ බලනවා ඕනම වාහනයක් එළවන්න පුළුවන් ලයිසන් එකක් මට තියෙන්නේ කියලා ඔහුගේ ඩ්‍රයිවින් ලයිසන් එක පෙන්නුවා. ඔහුට අමතක වුණා ලයිසන් එකේ නම තියෙනවා කියලා. එතකොට තමයි මම ඔහුගේ සම්පූර්ණ නම දැක්කේ. දොන් රෙවුටර් නානායක්කාර.
මයිකල් සන්නස්ලියනගේ
මොකද ශාන්ති කුමාර් මහත්මයා මයිකල්ට කියලා තියෙනවා මම ඇක්ට් කරනකොට මට මාව ඩිරෙක්ට් කරන්න බැහැ. මම ඇක්ට් කරනකොට ෆ්‍රේම් එක ඔයාට දෙනවා. මම වැරැද්දක් කළොක් කට් කරන්න කියලා. මෙන්න මේ කරුණ එයට බලපෑවා කියන එකයි මගේ විශ්වාසය. ඊටත් වැඩිය මම අගය කරන්නේ එහි රඟපාන හැම දෙනාම ශාන්ති කුමාර් , මයිකල්, එමලින් දිඹුලාන වැනි අය පුදුමාකාර අන්දමින් පමණ ඉක්මවා රඟපාන්නේ නැතිව ඉතා අවම රඟපෑම ඉදිරිපත් කිරීමයි. ඒ යුගයේදි මෙම ස්වභාවික රඟපෑම ඉතාමත් අගය කළ යුතු ප්‍රශංසනීය අමතක නොකළ යුතු දෙයක්.
එමලින් දිඹුලාන මම කවදාකවත් කණගාටු වෙන්නේ නැහැ අහවල් නිළිය හෝ නළුවා සමග රඟපාන්න අවස්ථාවක් ලැබුනේ නැහැ කියලා. නමුත් ඇත්තටම මම චිත්‍රපටවලට එන කොටත් එමලින් දිඹුලාන සැබෑවට දැකලා තිබුණේ නැහැ. සැඬොල් කඳුළු චිත්‍රපටයේ රූගත කිරීම් වගයක් පේරාදෙණිය සරසවියේ යොදා ගෙන තිබුණා. එක දවසක් ෂුටින් කරද්දි බොහොම රූමත් කාන්තාවක් ඇවිත් බලාගෙන හිටියා මම දැක්කා. සිලෝන් තියටර්ස් හි ඇයගේ ඥාතියෙක් හිටියා ඔහු පැමිණ මට ඇය එමලින් දිඹුලාන ලෙසින් හඳුන්වා දුන්නා.
අපේ සිංහල සිනමා ඉතිහාසය ගත්තාම සුජාතා චිත්‍රපටයත් රඟපෑම අතින් එක්තරා අන්දමක වැදගත්කමක් තියෙන චිත්‍රරතපටයක්. ඒ චිත්‍රපටය තුළින් ඉතා විශිෂ්ඨ නළුවන් දෙදෙනෙකු සහ නිළියක අපට දකින්නට ලැබුණා. එහි ඩේවිඩ් ධර්මකීර්ති, ඩොමී ජයවර්ධන සහ ශාන්ති ලේඛා සිංහල සිනමාවට හඳුන්වා දුන්නා. එක්තරා විදියක ස්වභාවික රඟපෑම් ඔවුන් තුළින් දැකගත හැකි වුණා.
ඩොමී ජයවර්ධන සුජාතා තිරගත වුණේ 1953 වසරේදී. ඒ කාලයේ ඩොමී ජයවර්ධන පටන් ඔහු නිර්මාණ සඳහා රංගන දායකත්වය ලබා දුන් සුවිශේෂ රංගන ශිල්පියෙක්. සමහර අය කියන්න පුළුවන් ඩොමී රඟපෑවේ සුළු පරාසයක බව. ඒ වුනත් ඔහු දුෂ්ඨ චරිත වගේම විකට චරිත ආදි නොයෙක් චරිත විශිෂ්ඨ අන්දමින් නිරූපණය කරලා තියෙනවා. ඇත්තටම ඩොමී ජයවර්ධන ඉතාම සූක්ෂම විදියට ඕනෑම චරිතයක් හසුරුවන්න පුළුවන් කෙනෙක් කියලා මට බය නැතුව කියන්න පුළුවන්.
මෙහිදී විශේෂයෙන් වැදගත් වෙන්නේ ඩොමී ජයවර්ධන වගේම ඩේවිඩ් ධර්මකීර්තිත් කිසිම හැදෑරිමක් නොකර කොහොමද මේ තරම් දක්ෂ අයුරින් රඟපෑවේ කියයන එකයි. ඩොමී හතරමහා නිධානය චිත්‍රපටයේ අපි බලාපොරොත්තු වන දුෂ්ඨ චරිතයෙන් බැහැරව විජිත මල්ලිකාගේ පියාගේ චරිතය රඟපෑවා. තවත් චිත්‍රපටයක කපු මහතෙකුගේ චරිතයක් නිරූපණය කළා. ඒ අයුරින් ඒකාකාරී චරිතවලට කොටු නොවූ හැම අතින්ම දක්ෂ නළුවෙක් කියලා කියන්න පුළුවන්.
ඩේවිඩ් ධර්මකීර්ති සුජාතා චිත්‍රපටයේ මුදලි චරිතය රඟ පෑ ඩේවිඩ් ධර්මකීර්ති ඒ චරිතය ඉතාම ස්වභාවික අන්දමින් ඉතාම අපුරු ලෙසින් ඉදිරිපත් කළා. ඒ වෙනුවෙන් ඔහු ලද ප්‍රශංසාත් ඒ වගේමයි. ඔහුගේ හොඳම චරිතය ලෙසින් මම දකින්නේ ගම්පෙරළිය චිත්‍රපටයේ කයිසාරුවත්තේ මුහන්දිරම්ගේ චරිතය යි. ඔහුත් මුල් කාලයේ සමුපකාර පරීක්ෂකවරයක් ලෙසින් රාජකාරිය කළ අයෙක්. සුජාතා චිත්‍රපටයෙන් පසුවට ඔහු ලද හැම චරිතයක්ම ආකර්ශනීය අයුරින් රඟපෑ බව කියන්න පුළුවන්.
ඩේවිඩ් ඉතා හාස්‍ය පි‍්‍රයතාවයක් තිබු පුද්ගලයෙක්.සියලු දෙනා සමගින් විහිළු තහළු කරමින් ඉතාම සුහදව සිටින පුද්ගලයෙක්. දවසක් රූගත කිරීමකට අතිරේක නළුවෙක් ඇවිත් හිටියා.
මොකද ඉංගී‍්‍රසී තේරෙන්නේ නැත්තේ කියලා අර නළුවා කියන කොට ‘එහෙනම් රනවුට් කියන කොට එළියට දිව්වෙ නැත්තේ ඇයි’ කියලා ඩේවිඩ් ඇහුවා. ‘හරි හරි අන්කල් මට ඩිරෙක්ටර් කිව්වේ නැහැනේ. කියන්නකො දෙබස මම එළියට දුවන්නම්’ කියලා අර නළුවා ආයෙමත් ෂූට් එකට ලැස්ති වුණා. ඒ වෙලාවේම මං හෙමිහිට ගිහින් අධ්‍යක්ෂ කිංස්ලි රාජපක්ෂට කිව්වා ඩේවිඩ් අර නළුවට ලණුවක් දීලා තියෙන්නේ කියලා. නැත්නම් ඉතින් අපිට මේක ආයෙමත් ෂූට් කරන්න වෙනවනේ.
ශාන්ති ලේඛා
ඊට පසුව ඇය මම සමඟ චිත්‍රපට ගණනාවක මවකගේ චරිත වෙනුවෙන් පෙනීසිට තියෙනවා. සිංහල සිනමාවේ මව ලෙසින් ඇය හැඳීන් වූ කාලයක් පවා තිබුණා. ඒ වගේමයි ඇයට තියෙනවා ස්වභාවයෙන්ම ලද නිර්මාණශීලිත්වයක්. එය මම හොඳීන්ම දුටුවේ පරිත්‍යාගය චිත්‍රපටයේදියි. එහි තිබුණා වසන්ති චතුරාණි ඇවිත් ශාන්ති ලේඛා සමග කතාකරන දෙබසක්. ඇය එවිට එච්. ඩී ප්‍රේමරත්නයන් අමතා, ‘ප්‍රේම් මම මෙතන නිකන් හිටගෙන ඉන්නකොට මට හරි අපහසුයි මම මොනවා හරි කරන්නද’ කියලා ගිහින් පැත්තක තිබුණු පොල් අත්තක් අරගෙන දෙකට පළලා පොඩි බංකුවක ඉඳගෙන අර පොල් අත්ත වියන්න පටන් ගත්තා. ඒ රංගනය අපි ඇත්තෙන්ම අගය කළ යුතුයි. අඬන්න ඕනි නම් අඬන්න, හිනා වෙන්න ඕනි නම් හිනා වෙන්න වෙන අය වගේ ක්‍රමවේදය කියලා මූඩ් ගහලා ඉන්න ඕනි නැහැ. අවශ්‍ය වෙලාවට අවශ්‍ය රංගනය ඉදිරිපත් කිරීමේ හැකියාවෙන් පරිපූර්ණ වුණා කිව්වොත් නිවැරදියි. අවසාන කාලය රටින් පිට වෙලා හිටියේ නැති නම් ඇය අවසාන මොහොත දක්වාම චරිත ලබන්න වාසනාව තිබු දක්ෂ රංගන ශිල්පිනියක්.
|