බච්චන්ගේ අලුත් වෙනස
බච්චන්ගේ
අලුත් වෙනස
‘පා’ සිනමාපටයේ අමිතාබ් බච්චන්ගේ අසාමාන්‍ය ලෙස වෙස් ගැන් වූ මුහුණ කිසිවකුගේ
මතකයෙන් බැහැර නොවන්නකි. ඔහු යළිත්
එවැනිම අපූරු වෙනසකට සූදානම් වෙයි. උමේෂ්
ෂුක්ලාගේ ‘102 නොට් අවුට්’ සිනමාපටයේ ඔහු රඟන්නේ ලොව වයස්ගතම පුද්ගලයා වීමට වෙර දරන
එකසිය දෙහැවිරිදි පුද්ගලයකුගේ චරිතයකි.
‘පා’ සිනමාපටයේ අමිතාබ් රැඟුවේ දොළොස් හැවිරිදි ජානමය වශයෙන් රෝගී දරුවකුගේ
චරිතයකි. හොලිවුඩයෙන් කැඳ වූ විශේෂ වේශ නිරූපණ ශිල්පීන්ගේ සහාය එහිදී ලබාගෙන තිබේ.
එම වේශ නිරූපණය සම්පූර්ණ කිරීමට පැය තුන හතරක කාලයක් ගත වී ඇත. මෙවර ද ඔහු එකසිය
දෙහැවිරිදි පෙනුම ලබාදීමට හොලිවුඩ් වේශ නිරූපණ ශිල්පීන් කැඳවීමට නියමිතය. බොලිවුඩයේ
රංගනයට හොලිවුඩයෙන් ලැබෙන පෙනුම තවත් අපූරු සුසංයෝගයක් වනු නිසැකයි.
|