|
|
මේ ගුවන් විදුලි වෙළෙඳ සේවයයි ජ්‍යෙෂ්ඨම ශිල්පියාට 88 යි
ආරියදාස පීරිස්
එහි අතුරු සිදුරු නැතිව සෙනඟ පිරී සිටින බව දුටු ඔහුට කාරණය දැනගන්නා තුරු සැනසිල්ලක් නොතිබිණි. එසේ රැස්ව සිටින්නේ නළුවන් තෝරා ගැනීමේ පරීක්ෂණයකට බව දැනගත් විගසම ඔහු ද ඒ පෝලිමට එක් විය. එහි සිටි ඔහු වැනිම වූ තවත් කඩවසම් හාදයෙක් ද එදා මිතුරකු බවට පත් විය. ඒ මිතුරා පසුව නළුවකු, ගායකයකු ලෙස ජනප්‍රිය වූ කිංස්ලි ජයසේකරයි. (‘මොනවද අම්මේ අකුරු ජාතියක්’ ගැයුවේ ඔහුයි) දෙදෙනාම පරීක්ෂණයෙන් සමත් වූයේය. ඔවුන්ගේ රංගනය විනිශ්චය කළේ ලැඩී රණසිංහ නම් එකල කලා ලොවේ සිටි අති දැවැන්තයායි. ආරියදාස පීරිස් තරුණයාගේ රංගනය ‘කුරුලු බැද්ද’ සිනමාපටයේ වෛද්‍යවරයකුගේ චරිතයටත් (දයානන්ද ගුණවර්ධන සමඟ සිටි අනෙක් වෛද්‍යවරයා) පෙරකදෝරු බෑණා, මර හඬ වැනි වේදිකා නාට්‍ය දෙක තුනක චරිතවලටත් සීමා විය. ‘දේව සුන්දරී’ සිනමාපටයේ සහාය අධ්‍යක්ෂවරයා වූයේ ද ඔහුයි. ආරියදාස මහතාගේ රංගන ජීවිතයට ලොකුම බාධකය එල්ල වූයේ ශ්‍රී ලාංකේය මාධ්‍ය ක්ෂේත්‍රයේ දැවැන්තම පෙරැළියකට ජීවය සපයන්නට සිදු වූ නිසයි. ඒ ලංකා ගුවන් විදුලි සේවයේ වෙළෙඳ සේවයට මුල පිරුණු කාල වකවානුවයි. ඔස්ට්‍රේලියානු ජාතික ක්ලිෆඩ් ආර්. ඩොට් එහි අධ්‍යක්ෂ ධුරය හෙබවූවේය. ලැඩී රණසිංහ මහතා ද ඉහළ නිලධාරියකු විය. සිංහල බසින් චතුර ලෙස වචන හැසිරවීමට වාගේම ඉංග්‍රීසි සහ දමිළ භාෂාව ද හොඳින්ම දත් ආරියදාස තරුණයා, වෙළෙඳ සේවයේ සිංහල නිවේදකයාගේ අඩුව අපූරුවට ඌන පූරණය කළේය. ලැඩී රණසිංහ මහතාගේ දක්ෂයන් හඳුනා ගැනීමේ පුදුමාකාර ඉව නිසා රංගනයට පැමිණි ආරියදාස, 1951දී නිවේදකයකු බවට පත් විය. කොහොමටත් ගුවන් විදුලිය ඔහුට නුහුරු නුපුරුදු තැනක් නොවීය. කොටා රෝඩ් හි රේඩියෝ සිලෝන් තිබූ කාලයේ කොලු ගැටයකුව සිටි ඔහු පැමිණ ගී කිහිපයක්ම තැටිගත කර තිබිණි. කෙසේ වුවත් ආරියදාස මහතාට වෙළෙඳ සේ්වයේ තනතුර සැබෑම අභියෝගයක් විය. මුද්‍රිත මාධ්‍යයෙන් මේ අලුත් ගුවන් විදුලි සේවයේ ආරම්භය උපන් ගෙයිම මරා දැමීමට පහර පිට පහර පෑනින් එල්ල කළේය. ඇමැතිතුමා දැන්වීමක් පැය හතළිස් අටක් ඇතුළත නොගෙනාවොත් වෙළෙඳ සේවය වසා දමන බවට අභියෝග කළේය. දැන්වීම සෙවීම භාර වූයේත් කෝකටත් තෛලය මෙන් සිටි ආරියදාස පීරිස් තරුණයාටමය. ‘කෙසේ හෝ දැන්වීමක් රැගෙන එන්න’ යන ක්ලිෆඩ් අධ්‍යක්ෂවරයාගේ අනින් තරුණයා කොටුවේ වීදියක්, වීදියක් ගණනේ සැරිසැරුවේය. පුවත්පතක මුද්‍රණය වන දැන්වීමක ඇති බලය සුළෙඟ් පාවී යන දැන්වීමක නැති බව බොහෝ දැන්වීම්කරුවන්ගේ අදහස විය. ආරියදාස තරුණයාගේ දෙපා අවසානයේදී නතර වූයේ ‘වීරරත්න සහෝදයෝ’ සමාගම අසලයි. ෆාවේලුබා නම් ඔරලෝසු ගෙන්වන සමාගමක් වූ එහි ප්‍රධානියා සමඟ තරුණයාගේ තරමක මිතුදමක් තිබිණි. එහෙත් ඔහු අදි මදි කරමින් ආරියදාස මඟ හැරීමට උත්සාහ කළේය. තරුණයා උත්සාහය අත්හැරියේ නැත. රෑ බෝවන තුරුත් වීරරත්න සහෝදරයෝ සමාගමට වී ප්‍රධානියා එනතුරු බලා සිටියේය. රාත්‍රී දහයට ප්‍රධානියා පැමිණියේය. අන්තිමට ඔහු ගැලවීමක් නැති නිසාම කුඩා දැන්වීමකින් සගයාට සංග්‍රහ කළේය. ආරියදාස ගුවන් විදුලි සංස්ථාවට යන විට රාත්‍රී දොළහේ කනිසමට තිබුණේ අඩ පැයකි. එක් කුඩා දැන්වීමක් හෝ රැගෙන පැමිණ ඇති බව දැනගත් විට ක්ලිෆඩ් අධ්‍යක්ෂවරයාගේ මුහුණට සිනා පොදක් එක් විය. වැඩසටහන් අතරතුර විනාඩි පහෙන් පහට දැන්වීම ප්‍රචාරය කිරීමට අධ්‍යක්ෂවරයා පියවර ගත්තේය. ඇමැතිතුමා පෙරවරු එකොළහට කතා කළ විට දැන්වීමක් ලැබුණු බවත්, වෙළෙඳ සේවය වසා දැමුවොත් අනුග්‍රාහක භවතාට විශාල වන්දියක් රජයෙන් ගෙවීමට සිදුවන බවත් පැවසීය. එය රජයට දැවැන්ත පාඩුවක් නිසා වෙළෙඳ සේවය වසා දැමීමේ අදහස ද එතැනින්ම නතර විණි. ඉන් පසු වෙළෙඳ සේවයට දැන්වීම්වලින් අඩුවක් නොවීය. වීරරත්න සහෝදරයන්ට පසු ඉතිරි ඔරලෝසු සමාගම් දැන්වීම් ලබා දුන්නේ තරගයකට වාගෙයි. ආරියදාස මහතා වෙළෙඳ සේවයේ කොඳු නාරටිය බවට පත් විය. පිබිදෙන ගායක පරපුර, අම්බිගා ගීතයෙන් ගීතය, විනාඩියක් පමණයි, ඔව් නෑ බෑ, විසි පැන, එඩීගෙන් අහන්න, රිදී සීනු, පැන පොඩි වැනි ඔහු අසන්නන් වෙත ගෙන ආ වැඩ සටහන් කෙතරම් ජනප්‍රිය වූවා ද කිවහොත් ජනතාව ස්වදේශීය සේවයට සවන් දුන්නේ ප්‍රවෘත්ති ඇසීමට පමණයි. වෙළෙඳ ;ස්වයට සවන්දීම සඳහා සෑම නිවෙසකම වාගේ රෙඩිෆියුෂන් යන්ත්‍රයක් සවිකර තිබිණි. යන්ත්‍රය සඳහා මාසිකව ගෙවිය යුතු වූයේ රුපියල් හතයි පනහක් පමණි.
අද වන විට විද්‍යුත් නාළිකාවලින් විකාශය වන වැඩසටහන් බොහොමයකටම පාර කැපුවේ ජ්‍යෙෂ්ඨ
මාධ්‍යවේදී ආරියදාස පීරිස් මහතායි කීම කිසිසේත්ම අතිශයෝක්තියක් නොවේ. ඒ ගැන ඔහුට
ඇත්තේ නිහතමානී ආඩම්බරයකි. ‘පිබිදෙන ගායක පරපුර’ අද තියෙන ‘ස්්ටාර්’ තරගවලට සමානයි. ජෝතිපාල, මිල්ටන්, මල්කාන්ති, රෝහණ බෝගොඩ, එඩ්වඩ් ජයකොඩි වැන්නන් බිහි වුණේ ඒ වැඩසටහන නිසයි. විසි පැන වැඩ සටහනේදී දැන් විකාශය කරන දැනුම මිනුම වැඩසටහන්වලදී වාගේම පිළිතුරෙන් පිළිතුරට මුදල් ලැබුණා. පළමුවැනි ප්‍රශ්නයට රුපියල් පහයි. දෙවැනි ප්‍රශ්නයට හතයි පනහයි. අපි විහාර මහා දේවි එළිමහන් රංග පීඨයේ දැවැන්ත සංගීත ප්‍රසංග පැවැත්වූවා. එක සංගීත ප්‍රසංගයකින් රුපියල් දාසය දාහක් ලැබුණා. ආනන්ද විදුහලේ කුලරත්න ශාලාවේදී බයිලා තරගයක් පළමුවරට පැවැත්වූවා. ඒ තරගය මතක් වෙන කොට අදටත් ඇඟේ මයිල් කෙළින් වෙනවා. තරගෙට පැමිණි ගායකයන්ගෙන් කලිසම් ඇඳලා හිටියේ වොලී බැස්ටියන් පමණයි. සරම් ඇඳපු අය විනිශ්චය මණ්ඩලය වොලීට පළමුතැන දේවියි හිතුවා. එහෙම හිතලා වීදුරු බෝතල්, කම්බි, ගල් ඔක්කොම ගෙනත් තිබුණා. ගැහුවා නම් මුලින්ම වදින්නේ මට. වාසනාවකට විනිශ්චය මණ්ඩලය තෝරලා තිබුණේ සරම් ඇඳපු කෙනෙක්. අධ්‍යක්ෂතුමා ආයෙ නම් බයිලා තරග තියන්න දුන්නේ නැහැ.’ මාධ්‍යවේදියකු ලෙස යුග යුග බැඳි පනස් එක් වසරක අත්දැකීම් ඇති ඔහු නව පරපුර කෙරෙහි සුබවාදීය. එහෙත් ඔවුනට වැදගත් වන එක් පණිවුඩයක් ආරියදාස මහතාගේ මේ කෙටි වදන් පෙළෙහි පරිපූර්ණවම අන්තර්ගතය. ‘අද දක්ෂතා ඇති අය ඉන්නවා. ඒත් ඒ අය අතර අපේ මුල්ම නිළි රැජන රුක්මණී දේවිය වැනි නිහතමානීකමින් අග තැන්පත් කලාකාරියන්, කලාකරුවන් නැහැ.’ ජීවිතයේ අනූ වැනි දශකයට ඇත්තේ තවත් දෑවුරුද්දක් පමණක් වුවත්, අද ද ආරියදාස පීරිස් හඬ ගුවනින් ඇසෙයි. ඉරිදා හිරු මුදුන් වු හෝරාවේදී ස්වදේශීය සේවයෙන් ප්‍රචාරය වන ‘රිදී රේඛා’ වැඩසටහන පණ ගැන්වෙන්නේ ඔහුගේ හඬිනි. හඩ්සන් සමරසිංහ සභාපතිවරයාගේ ඉල්ලීම මත ‘රිදී රේඛාවෙන්’ මුළු සිංහල සිනමා වංශ කථාවම ඔහු ගුවනින් දිග හරින්නේ සිනමාවට ළමා වියේ සිට බැඳි ළෙන්ගතුකමත් සමඟිනි. රැ¼ගුම් පාලක මණ්ඩලයේත්, රූපවාහිනී නාළිකාවලට විදෙස් නාට්‍ය අනුමත කිරීමේ මණ්ඩලයෙත් සාමාජිකයකු වන අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී, ආචාර්ය ආරියදාස පීරිස් අප්‍රේල් 30 වැනි දිනට අසූ අට වැනි වියට පා තබයි. එනම් තවත් වසරකින් ඔහු තාරුණ්‍යයට සමීප වෙයි. ඒ සැබෑ මාධ්‍යවේදියකුගේ ස්වභාවයයි. සරසවියේ පැතුම ද අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියාට එකසිය විසි වසකින් ආයුබෝ වේවා කියායි.
|



උසාවියේ කොමසාරිස්වරයකු වුවත් ආරියදාස පීරිස් මහතාගේ හදවත තිබුණේ සරස්වතී දේවියගේ
තුරුලේය. එනිසාමදෝ දෛවය ඔහුට නිසි තැනට පාර කැපුවේය. මැකලම් වීදිය දිගේ පැරැණි
නෝර්ට්න් බයිසිකලය පදවාගෙන යන විට හිටි අඩියේම ආරියදාස මහතාගේ බයිසිකලය නතර විය.
බයිසිකලය නතර කිරීමට තිබූ සුදුසුම තැන නැෂනල් තියෙටර් (පසුව ගාමිණී හෝල් නමින්
ප්‍රකට විය) නිසා බයිසිකලය ඔහු එතැනට තල්ලු කරගෙන ගියේය. 