|
සපුමලීගෙන් වැඩ ඇරඹූ බූම් ඔපරේටර්
නිර්මාණයක් යනු සාමුහික කටයුත්තකි.ඇතැමුන්ගේ රුව , අප දකින මුත් ඇතැමුන් කිසිදු දිනක කරළියට පැමිණෙන්නේ නැත. Behind The Scene ඒ නොදකින පංගු කරුවන් සොයා යන අපුරු චාරිකාවකි. Behind The Scene තුළින් අද අප හඳුන්වා දෙන්නේ ශ්‍රව්‍ය දෘශ්‍ය සහයක (බූම් ඔපරේටර් )ලෙස කටයුතු කරන සංජීව නිශ්ශංකයි. සංජීව කියමු බලන්න ගාල්ලෙ හිටිය ඔයා කොළඹ රැකියාවක් සොයා ආවෙ කොහොමද කියල? මම ඉගෙන ගත්තේ ගාල්ල මඩකුඹුර මහාවිද්‍යාලයේ .පාසල් වේදිකා නට්‍ය වලට රංගනයෙන් දායක වුනා.දිනේෂ් කියන මගෙ යාළුවෙක් ගෙ සහෝදරයෙක් වන චන්දන සිල්වා සී.එස්.වීඩියෝ කියල ආයතනයක් පවත්වාගෙන යනවා.එතුමාගෙ කැමරා සහායක ලෙස වැඩ කරන්න මට අවස්ථාව ලබා දෙන්නේ දිනේෂ්.මෙහි බොහොමයක් කෙරෙන්නේ මංගල උත්සව, වෙළෙඳ දැන්වීම්, වාර්තාමය වැඩසටහන් හැදීමයි.ටික කලක් වැඩ කරමින් ඉන්නකොට චන්දන මහත්තය මට හදුන්වල දෙනව, සිනේලින්ක් වීඩියෝ හවුස් ආයතනයේ නිෂ්පාදන කළමනාකරු විරාජ් රත්නායක මහත්තයව.මෙතුමා මට ආලෝක(ලයිටින්) කරන ශිල්පියකු ලෙස රැකියාව ලබා දෙනවා.මෙන්න මෙහෙමයි මම කොළඹ එන්නේ.
සපුමලී ටෙලියෙන් තමයි වැඩ ඇරඹුවෙ.ට්‍රැක්ඩොලි ක්‍රියාකරුවෙක් ලෙසත් වැඩ කළා.මේ වසර හතර තුළ ටෙලිනාට්‍ය 15වකට පමණ සහභාගි වී තිබෙනවා. දැන් මම කරන්නේ බූම් ඔපරේටර්(ශ්‍රව්‍ය දෘශ්‍ය සහයක) ලෙස කටයුතු කිරීමයි.මේ කටයුත්ත ආරම්භ කළේ සිරීගෙ ඉරණම ටෙලියෙන්. ශ්‍රව්‍ය දෘශ්‍ය ක්‍රියාකරු වශයෙන් කටයුතු කරන නිමල් කරුණාතිලක මහත්තයත් එක්ක දැනට ටෙලි 3ක් සඳහා සහභාගි වී තිබෙනවා. මේ ක්‍රියා දාමය පිළිබඳ පැහැදිලි කිරීමක් කළොත්? මේ සියලු වැඩක්ම හරිම අමාරුයි.හොඳ අවබෝධයකින් කළ යුතුයි.දෙබස් හරි හැටි ඇසෙන්න සලස්වනවා මෙන්ම,පිටස්තරයෙන් ඇසෙන ශබ්ද වලක්වා දිය යුතුයි.මේ සියලු දේ කරන අතරෙ කැමරා ප්‍රේම් එක ගැනත් අවදානය යොමු කළේ නැත්නම් බූම් එක නාට්‍යය නරඹන්නන්ට පේනව.ඒක රසාස්වාදයට බාධාවක් වෙනවා.කෙතරම් අමාරු කටයුත්තක් වුනත් හරිම සැහැල්ලුවෙන් කරන්න පුළුවන් වෙන්නේ යුනිට් එකේ සැමගෙන් ලැබෙන සහාය නිසයි. පවුල් පසුබිම ගැන කිව්වොත්? අපි දකුණෙ සාමාන්‍ය පවුලක.තාත්ත අප අතර නැහැ.අම්මයි සහෝදරියො තුන්දෙනයි, මමයි ඉන්නේ. මම පවුලෙ බඩපිස්සා. අනාගත බලාපොරොත්තුව කුමක්ද? කැමරා අධ්‍යක්ෂ ලෙස කටයුතු කරන්න. මේ ආ ගමන් මගේ සහාය වූවෝ ගැන මතක් කරමු? චන්දන සිල්වා, විරාජ් රත්නායක,නිමල් කරුණාතිලක,ගයාන් පුෂ්පකුමාර යන මහත්වරුන් ස්තූති පූර්වකව සිහිපත් කරන අතර සිහින සක්මන ටෙලියෙ රංගනයෙන් මට අවස්ථාවක් ලබාදුන් එහි අධ්‍යක්ෂ චමින්ද වෙල්ලාලගේ මහතාටත් මගේ පවුලේ සැම මෙන් යුනිට් එකේ සැමටත් ස්තූති කරන්නට මෙය අවස්ථාවක් කර ගන්නවා.
|