|
පසු කවරය ගැන විශේෂ වදනක්
මංජුල මොරගහ කියන්නේ නව පරපුරේ සිටින ජනප්‍රිය නළුවෙක්. ඒ වගේම ප්‍රසංග වේදිකාවේ ද ඇතැම් අවස්ථාවලදී ඔහු ගායකයකු ලෙසින් ද අප හමුවට එනවා. මේ කියන්න හදන්නේ ඒ මංජුල ගැන අපූරු මෙන්ම ආදර්ශවත් කතා පුවතක් ගැනයි. මංජුලට ස්වර්ණවාහිනි නාලිකාව මඟින් සංවිධානය කළ අවුරුදු උත්සවයට එන්න කියලා ආරාධනාවක් ලැබුණා. ජන ක්‍රීඩාවලට බෙහෙවින් කැමැති මංජුල මේ ආරාධනාව භාර ගත්තේ හිස් මුදුනින්මයි. ඔහු එනිසා ලක ලැහැස්ති වෙලා මේ අවස්ථාවට සහභාගි වුණා. එහිදී කලාකරුවන් වෙනුවෙන් දිනුම් ඇදීමක් ද එකතු කරන්න ස්වර්ණවාහිනිය අමතක කළේ නැහැ. කොට්ටා පොර, අන්ධයාට කිරි කැවීම, ගෝනි රේස් ආදී තරගවලට එකතු වුණු මංජුල අර දිනුම් ඇදීම ගැන කන වැටිලා ඒ පැත්තට ගියේ නිකමට වගේ. ඔහුගේ නම ද සංවිධායක කමිටුව ද ඊට එක් කරලා. එහෙම වුණත් වැඩි බලාපොරොත්තුවක් නැතුවම මංජුල නැවතත් ජන ක්‍රිඩා කරන්න ගියා. කොහොම හරි එදින නිමා වෙද්දී කලාකරුවන් කැඳවලා මේ කුසපත් ඇදීම සිද්ධ වුණා. පුදුමයි. අර දිනුම් ඇදිමේ ජයග්‍රාහකයා මංජුල. ඒ වෙනුවෙන් ඔහුට හිමි ත්‍යාගය මෝටර් බයිසිකලයක්. මංජුල උඩ බිම බැලුවා. ජයග්‍රාහී ප්‍රීති ඝෝෂා මැද ඔහු බයිසිකලය මත වාඩි වී ළඟ තිබූ මයික්‍රෆෝනයක් අතට ගත්තා. මේ තෑග්ග මට එපා. මේක අයිති වෙන්න ඕනෑ වෙන කෙනෙක් ඉන්නවා. ඒ තමයි රූබා. රංජිත් රූබසිංහ. එයා අපිටත් කලින් ෆීල්ඩ් එකට ආවේ. ඒත් තවම වාහනයක් නැහැ. මේක රූබාට දෙන්න ඕනෑ. එහෙම කියලා මංජුල, රංජිත් රූබසිංහව කැඳවලා බයිසිකලය ප්‍රදානය කළා. නමුත් රූබා තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග කියලා මංජුලටම ආයෙත් එය ලබා දුන්නා. කොහොම වෙතත් මංජුල කරන්න හදපු මේ දේ ගැන බොහෝ දෙනා කතා කළේ ප්‍රශංසා මුඛයෙන් අනුන්ගේ තෑගි බලෙන් ලබාගන්නා මෙවන් යුගයක තමන්ට ලැබුණු වටිනා තෑග්ගක් තමාගේම ක්ෂේත්‍රයේ සහෘදයකුට ලබා දෙන්න මංජුල උත්සාහ කළ එක ගොඩක් ආදර්ශවත් කියලයි හැමෝම කිව්වේ. අද අපේ පසු කවරය සැරසෙන්නේ ද ඒ මංජුලගේ රුවින්. |