වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 24 වැනිදා බ්‍රහස්පතින්දා




නිර්මාණ පහකට ශිල්පීන් තෝරා ගැනේ

නිර්මාණ පහකට ශිල්පීන් තෝරා ගැනේ

නාට්‍යවේදී එම්. සෆීර්ගේ ඉන්ටර් ඇක්ට් ආර්ට් නාට්‍ය කණ්ඩායම මගින් නිෂ්පාදනය කරනු ලබන නාට්‍ය නිෂ්පාදන 05 ක නිර්මාණ කාර්යයන් සඳහා ශිල්පීන් තෝරා ගැනීම මේ දිනවල සිදු කෙරේ.

ජාත්‍යයන්තරව පුහුණුව ලැබූ ඉන්ටර් ඇක්ට් ආර්ට් පුහුණුකරුවන් මෙහෙය වන මේ නිර්මාණ සඳහා සහභාගී වීමට කැමති අය තමන් විසින් සකස් කළ අයැදුම් පතක් ඉන්ටර් ඇක්ට් ආර්ට්, බ්ලැක් බොක්ස් රඟහල, 160/7, කොස්වත්ත පාර, නාවල, රාජගිරිය යන ලිපිනයට හෝ [email protected] විද්‍යුත් ලිපිනයට එවන්න. වයස 18 ට වැඩි සිංහල, දමිළ ඕනෑම අයෙකුට මේ සඳහා අයැදුම් කළ හැකිය.


අවුරුදු ඇවිල්ලා

මොරටුව ‘හමිං බර්ඩ්ස්’ සංගීත කණ්ඩායමේ ගායක තිලක් ද මැල්ගේ අවුරුදු ඇවිල්ලා සංගත තැටිය පසුගිය දා එළි දැක්විණි. මෙහි සංගීතය සරත් ගුණවර්ධන ගෙනි. සේයාරුවෙන් දැක්වෙනුයේ තිලක් ගීත පටිගත කළ අවස්ථාවයි.