මට තාම හිතා ගන්න බෑ
මට තාම
හිතා ගන්න බෑ
නිවේදිකා දිනූෂා රාජපතිරණ
මගේ උපන් දිනය යෙදෙන මේ සතිය මට බොහොම සුවිශේෂයි. සෑම උපන් දිනයකටම මම උදෙන්ම
පන්සල් යන්න අමතක කරන්නේ නැහැ. ඒ වගේම පවුලේ හැමෝගෙම උපන් දිනවලදී මම ඔවුන්ව පුදුම
කරවන නිසා මගේ උපන් දිනය සැලසුම් කරන්නේ පවුලේ උදවියයි.
ඒ නිසා ඒ අය මගේ මේ උපන්
දිනයට මොනවා කරාවිද කියලා මට තවම හිතා ගන්නවත් බැහැ. අලුත් අවුරුද්ද ගෙවී ගියත්
ස්වර්ණවාහිනියට නම් තවමත් අවුරුදු ඉවර නෑ. මම මේ තවමත් ඉන්නේ අවුරුදු උත්සවවලට
සහභාගි වෙන ගමන්. ඒත් එක්කම ළඟදීම එන වෙසක් උත්සවයටත් සූදානම් වෙන්න ඕනෑ.
හත්දින්නත් තරු, සිත නිවන මඟ වැඩසටහන් සතිපතා විකාශය වෙන නිසා මම ටිකක්
කාර්යබහුලයි. ළඟදීම මගේ රංගනය රැගත් ‘එඩ්ඩ්‍රස් නෑ’ චිත්‍රපටය තිරගතවීමටත්
නියමිතයි.
|