වර්ෂ 2014 ක්වූ අප්‍රේල් 24 වැනිදා බ්‍රහස්පතින්දා




තන්හා රතී රඟා ජාත්‍යන්තර කීර්තියට

තන්හා රතී රඟා ජාත්‍යන්තර කීර්තියට

නිලේන්ද්‍ර දේශප්‍රියගේ කුලුඳුල් සිනමා සිතුවම තන්හා රතී රඟා ජූලියන් ඩුබියුග් ජාත්‍යන්තර සිනමා උළෙලේ නිල තේරීමේ අංශයට තේරී පත් වී තිබේ. එම උළෙල මෙම මස 23 වැනිදා සිට 27 දක්වා අමෙරිකාවේ ජුලියන් ඩුබියුන් නගරයේදී පැවැත්වෙයි.

නිලේන්ද්‍ර දේශප්‍රිය අධ්‍යක්ෂණයෙන් දායක වූ මෙහි තිර රචනය සරත් කොතලාවල සහ කුමාර තිරිමාදුර ගෙනි. සම අධ්‍යක්ෂණයෙන් මෙන්ම සම නිෂ්පාදනයෙන් නතාෂා ඩ්‍රීම් එක් වී සිටී. නිලේන්ද්‍ර, සුනිල් ටී. ප්‍රනාන්දු සහ එච්. ඩී. ප්‍රේමසිරි නිෂ්පාදකවරුන්ය. ධනුෂ්ක ගුණතිලකගේ කැමරා අධ්‍යක්ෂණයකි. රොබ් නේවිස් නිෂ්පාදන සැලසුම්කරණ ශිල්පියාය. හීනටිගල ප්‍රේමදාසගේ කලා අධ්‍යක්ෂණයකි. රේණුකා බාලසූරිය විධායක නිෂ්පාදකවරියයි. නාරද ධනංජි තොටගමුව අංග රචනයෙන් ද, තපස් නායක් ශබ්ද සැලසුමෙන් ද, සහාය අධ්‍යක්ෂණයෙන් වෙරෝනිකා මාරසිංහ ද තන්හා රතී රඟා සඳහා දායකත්වය සපයා ඇත.

සරත් කොතලාවල, කුමාර තිරිමාදුර, නිමල් ජයසිංහ, සුලෝචනා වීරසිංහ, දයාදේව එදිරිසිංහ, ස්වර්ණා මල්ලවාරච්චි, අනෝජා වීරසිංහ, නීටා ප්‍රනාන්දු, කමල් අද්දරආරච්චි, ඇඩම් ආදමලී තන්හා රතී රඟා රංගනයෙන් හැඩ කරයි.