|
අර්ජුන්ගෙන් අහන්න
ලංකාවේ ප්‍රථම වරට රූපවාහිනී නාලිකාවක් ආරම්භ කළේ ශාන් වික්‍රමසිංහ මහතා නේද? ස්වාධීන රූපවාහිනි සේවය ආරම්භ කළේ ඔහුද? ආර්. එස්. වික්‍රමාරච්චි ගම්පහ ඔබ නිවැරැදියි.
අසංක ප්‍රියමන්ත පීරිස්, චාමික සිරිමාන්න, දමිත් අසංකගේ ලිපිනයන් සඳහන් කරන්න. සමන්ත සම්පත් මොරවක අසංක ප්‍රියමන්ත පීරිස්, 183/8 බී, ආනන්දරාම පාර, කටුබැද්ද, මොරටුව. චාමික සිරිමාන්න, 190/4, සමුපකාර මාවත, හොන්නන්තර පාර, පිළියන්දල. දමිත් අසංක, අංක 17, 8 වැනි පටුමග, ඇලෙක්සැන්ඩ්‍රා වත්ත, ජාඇල.
ක්‍රිස්ටි ද මෙල් ගායනා කළ ‘දුක සැප නිති පෙරළේ’ ගීතය චිත්‍රපට ගීතයක්ද? සුජාතා ගුණවර්ධන කඩවත මේ ගීතය කපටි ආරක්ෂකයා චිත්‍රපටයේ ගීතයක්.
දිව්‍ය ප්‍රේමය, වැරැදුන කුරුමානම, අම්මා, පෙරළෙන ඉරණම, ගම්බද සුන්දරී, හදිසි විනිශ්චය, සීදේවි, බණ්ඩා නගරයට පැමිණීම යන චිත්‍රපටවල අධ්‍යක්ෂවරුන් කවුද? රත්න කහඳව අලව්ව දිව්‍ය ප්‍රේමය – ඩී. එස්. බාබු සහ එන්. වී ජවේරි වැරැදුණ කුරුමානම - ජේ. සිංහ අම්මා - සිරිසේන විමලවීර පෙරළෙන ඉරණම - ජේ. සිංහ ගම්බද සුන්දරී – ජෝර්ජ් එස්. විජේගුණවර්ධන හදිසි විනිශ්චය – බී. ඒ. ඩබ්ලිව්. ජයමාන්න සහ මර්සලින් ඇල්බට් සීදේවි - සිරිසේන විමලවීර බණ්ඩා නගරයට පැමිණීම – ඒ. බී. රාජ් සහ රාජා වහබ්කාශ්මීර්
ජබීර ඒ. කාදර් නිපද වූ පළමු චිත්‍රපටය වන ‘සුරතලී’ චිත්‍රපටය කුමන චිත්‍රපටයක් අනුව නිපදවන ලද්දක් ද? ආර්. ඒ. අමරසිංහ රාජ් කපූර්ගේ බර්සාත් චිත්‍රපටය.
සිංහල චිත්‍රපට සඳහා ගීත ගායනා කළ විදේශී¼ය ගායක ගායිකාවන් හඳුන්වා දෙන්න. සුනිල් චන්ද්‍රසේකර කොටුගොඩ භාග්‍යරතී, ජික්කි, ජමුනා රාණි, ඒ. එම්. රාජා, පී. සුසිලා, නරෙන්ද්‍රනාත්, බාල සරස්වතී, කේ. රාණි, ලතා මංගේශ්කාර්. පී. නාගේෂ්වර රාඕ
ප්‍රථමවරට මෙරට ගායක ගායකාවන් අතරින් ඒක පුද්ගල සංගීත ප්‍රසංග පැවැත්වූයේ කුමන ගායකයාද, ගායිකාවද? දයානන්ද ද සිල්වා හික්කඩුව වික්ටර් රත්නායක ‘ස’ ප්‍රසංගය. නන්දා මාලිනී ‘ශ්‍රවණ ආරාධනා’ ප්‍රසංගය.
චිත්‍රපට අධ්‍යක්ෂ සනත් අබේසේකරගේ ලිපිනය පළ කරන්න. පාලක පෙරේරා හැඳල අංක 44/2, සුදුවැල්ල හන්දිය, මොරවින්න පාර, පානදුර.
කුමන පක්ෂයකින් ඇරැයුම් කළොත් අර්ජුන් දේශපාලනයට එනවාද? කරු මන්දාවල නාත්තණ්ඩිය නොදන්නා මඟුල් කිරීමට මගේ අදහසක් නැහැ කරු.
රූපාන්තරණ චිත්‍රපටයේ රන්ජන් රාමනායකගේ රඟපෑම් පිළිබඳ ඔබගේ අදහස කෙබඳුද? චන්දන වන්නිආරච්චි දෙහිඅත්තකණ්ඩිය මම මේ චිත්‍රපටය නරඹා නැත.
චිත්‍රපට අධ්‍යක්ෂ රොබින් තම්පෝ අධ්‍යක්ෂණය කළ සිංහල චිත්‍රපට මොනවාද? වියානි ගුණවර්ධන වෙන්නප්පුව සිරිමලී, සුවිනීත ලාලිනී, සුහද දිවි පිදුම, සුද සඳේ කළු වළා, සුලලිත සෝබනී, සුදෝ සුදු, සැඟවෙන සෙවනැල්ල, සැනසෙන සුවය, දෙහදක දුක, පික්පොකට්, සුරේකා
එච්. ආර්. ජෝතිපාල සමඟ හෙලන් කුමාරි චිත්‍රපටවල පෙම්වතුන් ලෙස රඟපා තිබේද? ඒ. ඩී. සුමනසේකර යටියන්තොට සුනේත්‍රා චිත්‍රපටයේ රඟපෑවා.
|