නිලේන්ද්‍රගෙන් ජීවිතයට පැතුමක්
නිලේන්ද්‍රගෙන්
ජීවිතයට පැතුමක්

නිලේන්ද්‍ර ක්‍රිෂාන්ටස් අබේකෝන්ගේ කුළුඳුල් ගායන ප්‍රසංගය ‘Hope
for Life’ මෙම
මස 26 වන සෙනසුරාදා ප. ව. 6.30 සිට මීගමුව ආවේ මරියා විදුහල් ශ්‍රවණාගාරයේදී
පැවැත්වේ.
වසර 15 ක් මුළුල්ලේ ගායන ශිල්පියෙකු ලෙස සුවිශේෂ දස්කම් දැක් වූ
නිලේන්ද්‍ර දැනට වකුගඩු රෝගී තත්ත්වයකට බඳුන්ව සිටින අතර වකුගඩු බද්ධ කිරීමේ සැත්කම
සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණ පෙරදැරිව මෙම ප්‍රසංගය සංවිධානය කොට තිබේ.
ලහිරු
පෙරේරා, රුවන් හෙට්ටිආරච්චි, බාචි සුසාන්, චින්ති යන ගායන ශිල්පීන් ඇතුළුව තවත්
ශිල්පීන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන ප්‍රසංගයේදී නිලේන්ද්‍ර සිය කුළුඳුල්
ස්වතන්ත්‍ර ගී නිර්මාණයන්ද ඉදිරිපත් කෙරේ. මේ සොඳුරු ගී දැහැන රස විඳන්නට ඔබ සැමට
නිලේන්ද්‍ර ඇරැයුම් කර සිටී.
|