දික්කසාදයට හේතුව
දික්කසාදයට හේතුව
දික්කසාද වීමේ පුවත් බොලිවුඩයට ආගන්තුක නැතත් එවැනි පුවතක් සවනත වැකෙනවාට කිසිිදු
රසිකයෙක් කැමැති නැත. රිතික් - සුසේන් ආදරණීය කැදැල්ල දෙදරා ගිය පසු යළිත් එවැනි
පුවතක් නෑසේවායි කියා සිතුව ද මේ තවත් යුවළකගේ දික්කසාද වීමේ පුවතකි.
ඇය නිළි
චිත්‍රන්ගදා සිංය. ඇයගේ සැමියා ප්‍රකට ගෝල්ෆ් ක්‍රීඩක ඡ්‍යොති රන්ධාවාය. 2013 මැයි
මාසයේදී දෙදෙනා දික්කසාද වීමට නඩු දැමූ අතර, දැන් ඊට අවසර ලැබී ඇත.
චිත්‍රාන්ගදාත්, ඡ්‍යොතිත් විවාහ වූයේ 2001 වසරේදීය. ඔවුන්ගේ එකම දරුවා, සොරාවර්
පුතුගේ භාරකාරත්වය පැවරී ඇත්තේ චිත්‍රාන්ගදාටය. අවසන් වරට චිත්‍රාන්ගදා රඟපෑවේ ජෝන්
ඒබ්‍රහම් සමඟ ‘අයි, මී ඕර් මෙයින්’ (2013) සිනමාපටයේය.
ඇය යළි රංගනයට අවතීර්ණ වීමට
අදහස් කිරීම දික්කසාදයට ද හේතු වී තිබේ. ඇය රැඟූ ‘භසාරොන් කවෙයිෂන් එයිසි’ (2005),
‘දේසි බෝයිස්’ (2011) සිනමාපට අතිශය ජනප්‍රිය විය. තිස් හත් හැවිරිදි ඇයට යළි
තාරකාවක වීම වඩාත් වැදගත් වී තිබේ.
|